සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 30කට අධික පිරිසක් මියගොස් තවත් 80 දෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
අනතුර සම්බන්ධයෙන් ලැබෙන නවතම තොරතුරු අනුව, සහන සේවා කණ්ඩායම් අනතුර සිදුවූ ස්ථානයට යොදවා ඇති අතර, තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.
දුම්රිය ගැටීමේ හේතුව සහ අනතුර සිදුවූ ආකාරය පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුව ඇති අතර, අනතුරෙන් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයන්ගේ සංඛ්යාව තවදුරටත් වෙනස් විය හැකි බව සඳහන් වේ. මෙම අනතුර හේතුවෙන් දුම්රිය ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති අතර, හදිසි සහන සේවා සහ විමර්ශන කටයුතු අඛණ්ඩව ක්රියාත්මක වෙමින් පවතී.

