කොබෙයිගනේ පොලීසියේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුත් මරුට !

සොරකමකට පැමිණි බවට සැකපිට ගම්වාසීන් පිරිසක් විසින් අල්ලාගෙන කොබෙයිගනේ පොලිස් ස්ථානයට භාරදුන් සැකකරුවකු පොලිස් භාරයේ සිට රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම පුද්ගලයාව ගම්වාසීන් විසින් අල්ලාගෙන කොබෙයිගනේ පොලීසියට භාරදී ඇත්තේ පසුගිය 25 වනදා දහවල් වන අතර එයින් පසු ඔහු දින දෙකක් පොලිස් අත් අඩංගුවේ පසුවී ඇති බවත් 27 වනදා රාත්‍රියේ ඔහුව නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බවත් සඳහන්.

මෙම මරණයෙන් අනතුරුව සැකකරු අල්ලා පොලීසියට භාරදුන් ගම්වාසීන් 05 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට ද කොබෙයිගනේ පොලීසිය කටයුතු කර තිබේ.

එහෙත් අත් අඩංගුවට පත්වූ ගම්වාසීන්ගේ ඥාතීන් පවසන්නේ සැකකරු අල්ලාගෙන ගසක බැඳ පැයක් ගතවීමටත් මත්තෙන් පොලිසිය දැනුවත් කර කිසිදු උපද්‍රවයකින් තොරව ඔහුව පොලිසියට භාර දුන් බවත් ගම්වාසීන්ගෙන් යම් පහරදීමක් සිදුව තිබුණේ නම් ඒ මොහොතේම ඔහුව රෝහල්ගත කිරීමට පොලීසිය කටයුතු කළයුතුව තිබුණු බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන බදු වංචාවකට වරද පිළිගත්තේ නෑ – ජොනීගෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (28) දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී...

හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

පොලිස් භාරයේ සිටි තරුණයකු මියයාමේ සිද්ධියට අදාළව වැඩතහනමකට ලක්කර...

මැතිවරණ පරාජයත් සමඟ ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලා යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : බ්‍රසීල...

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ...