කොළඹ LNW:තවදුරටත් රාජ්ය මර්දන නීති අවශ්ය නොවන බවට බල කරමින් අද (29) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විය.
ඒ අනුව ත්රස්තවාදය වැළැක්වීමේ පනත ,මෙන්ම රාජ්ය ත්රස්තවාදයෙන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වූ නව පනතද ඉවත්කරගන්නා ලෙස එහිදී ආණ්ඩුවට බලකිරීම සිදුවිය.
වෘත්තීය සමිති, සිවිල් සමාජ ක්රියාකාරිකයින් ඇතුළු පිරිසක් විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
පුරවැසි නිදහස හකුළන රාජ්ය ත්රස්තවාදය තවදුරටත් රටට අවශ්ය නොවන බව විරෝධතාකරුවන් අවධාරණය කරන ලදී.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න













