සාමකාමී උද්ඝෝෂණයන්හිදී කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හෙළා දකිමු!

Date:

ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා ආරක්ෂණ සන්ධානයේ (CPA) සාමාජිකයින් ලෙස අප 2022 ඔක්තෝබර් මස 09 වන දින ගාලුමුවදොරෙහි පැවති සාමකාමී සහ නිරායුද උද්ඝෝෂණයට සහභාගීව සිටි කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකළ ප්‍රචණ්ඩත්වය දැඩි ලෙස හෙළා දකින්නෙමු.

එහිදී කුඩා දරුවකු බිය ගන්වමින් සහ ඇයගේ මව ඉතා අමානුෂික ලෙස බලහත්කාරයෙන් ඇදගෙන යාම සහ දරුවා ද හිංසනයට ලක් කිරීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවේ අංක 11 ඛණ්ඩය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බව මෙයින් සඳහන් කරමු.

ප්‍රචණ්ඩත්වයට නිරාවරණය වන දරුවන් බරපතල මානසික කම්පනයටත්, පසු කාලීනව ඔවුන් වැඩිහිටියන් ලෙස මුහුණපාන පසු කම්පන තත්වය (PTSD) පිළිබඳවත් ලෝකයේ විවිධ පර්යේෂණවලින් පෙන්වා දී ඇත.

ළමා ආරක්ෂණය සාමූහික සමාජ වගකීමකි. රටේ පවත්නා දේශපාලන අර්බුදය සැලකිල්ලට ගෙන දරුවන් අවදානම් සහගත උද්ඝෝෂණ ස්ථානවලට ගෙන යාමෙන් වළකින ලෙස වැඩිහිටියන්ට කාරුණිකව දන්වා සිටින්නෙමු.

පුරවැසියන් හට සාමකාමීව උද්ඝෝෂණ සිදු කිරීම සඳහා ඇති අයිතියට ගරු කරමින් ශ්‍රී ලංකාවේ අනාගතයේ නියම හිමිකරුවන් වන දරුවන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂාව තහවුරු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

ළමා හිංසනයට තිත පදනම
අවංක ලංකා පදනම
බකමූණෝ කණ්ඩායම
හෑෂ්ටැග් පරපුර
අයිප්‍රොබෝනෝ ආයතනය
ලීඩ්ස් ආයතනය
මෙරාකි ශ්‍රී ලංකා
සමාන නියෝජන නායකත්ව ප්‍රවර්ධකයෝ
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
සෞභාග්‍යා පදනම
ස්කූල්ස් 4.0 ලංකා
එක්සත් ශ්‍රී ලංකා
තරුණ අධිවාචන ජාලය
අනාගත තාරුණ්‍ය: අයිතිවාසිකම් උදෙසා තරුණ ව්‍යාපාරය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...