ජොන්ස්ටන්ට විදෙස් ගමන් තහනම් !

Date:

2010 වසරේදී වෙළඳ අමාත්‍යවරයාව සිටිමින් සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත්කොට දේශපාලන කටයුතුවල යෙදවීමෙන් රුපියල් ලක්ෂ 59කට අධික මුදලක් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට අද (11) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදෙනු ලැබිණි.

ඒ, එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.

ඒ අනුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයකු වූ මොහොමඩ් සාකීර් යන අයට මෙසේ අධිචෝදනා භාරදීම සිදුකෙරිණි.

ඉන් අනතුරුව විත්තිකරුවන් රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමටත් නියෝග කළේය.

නඩුව නොවැම්බර් 29 වනදා යළි කැඳවීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...