සාරුවා සුනිල් මැතිඳුනි, අප කෙරෙහි සමාව භජනය කළ මැනව !!

Date:

බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වෙලා අවුරුදු 15ක සිරදඬුවමක් නියම වෙලා හිටපු අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් හෙවත් සාරුවා සුනිල් මහතාව අද අභියාචනාධිකරණය විසින් නිදොස්කොට නිදහස් කරලා තිබුණා.

අපිත් මෙතෙක් කල් හිතාගෙන හිටියේ එතුමා කන්‍යාවන් 100ක් දූෂණය කරලා ඒ වෙනුවෙන් පාටිත් දාපු අපරාධකාරයෙක්ය, ඒකෙන් එකකට හරි අඩුම ගාණේ එතුමාට දඬුවම් ලැබුණාය කියලා. ඒත් මහේස්ත්‍රාත් උසාවියක් වගේ පහළ අධිකරණයකුත් නෙවෙයි රටේ තියෙන ඉහළම අධිකරණයකින් එතුමා නිදොස්කොට නිදහස් කළාය කියන්නේ ඉතින් අපි ඒ ගැන මොකුත්ම කියන්න යන්නේ නෑ. මොකද එතුමා වගේ අයත් එළියට එන වෙලාවේ අපට ඇතුළට යන්න වුවමනාවක් නැහැනේ …

ඉතින් අපි ඒ තීන්දුව දණ නමා, හිස නමා, සියලු අංගෝපාංග නමා පිළිගන්නවා. අම්මපා පිළිගන්නවා !

ඒ නිසා ගරු සාරුවා සුනිල් මැතිතුමනි, මෙතෙක් කල් අපි ඔබතුමා ගැන කියපු සියලුම කුප්ප කතා වෙනුවෙන් අපි ඔබතුමාගෙන් සමාව ඉල්ලනවා. ප්‍රසිද්ධියේම සමාව ඉල්ලනවා …

ඔය අතරේ සමහරු කියනවා ඔබතුමා අද 101 වෙනි කන්‍යාවියත් දූෂණය කළාය, ඒ කන්‍යාවිය රෙදි කඩකින් ඇස් දෙකත් බැඳගෙන අළුත්කඩේ පැත්තේ විසාල බිල්ඩිමක පඩිපෙළේ වැටිලා අඬ අඬා හිටියාය කියලාත්. ඔය එක එකා කියන කඩප්පුලි කතාවලින් ඔබතුමා සැලෙන්න එපා. ඔබතුමා මෙතෙක් කරගෙන ආපු සද්කාර්යය එහෙමම දිගටම කරගෙන යන්න. “සාරුවා සුනිල් මැතිතුමා තමයි හොඳටම කරේ” කියලා වුණත් එතකොට අපට දවසක කියන්න පුළුවන් වෙයි.

අනිත් අතට දැන් සියලුම සුදුසුකම් සම්පූර්ණ නිසා ලබන සැරේ ඔබතුමාට නෙළුම් පොහොට්ටුවක් හොඬින් ගත් අලි පැටියෙකු පිටේ නැගලා දියවන්නාව වුණත් තරණය කරන්න පුළුවන් වෙයි. අකුරැස්සේ ජනතාව වුණත් ඒ යුතුකම ඉටු නොකර කර අරින එකක් නෑ කියලායි අපට හිතෙන්නෙ.

ඉතින් සාරුවා සුනිල් මැතිඳුනි, නැවත වතාවක් ඔබතුමාගෙන් ලොකුවටම සමාව ඉල්ලන අතරේම අපි මේ රටේ ජනතාවගෙනුත් පොඩියට වගේ සමාව ඉල්ලනවා. මෙහෙව් රටක ඉපදුණ එක වෙනුවෙන්, මෙහෙව් රටක ජීවත් වෙන එක වෙනුවෙන්, මෙහෙව් දේවල් අහන්න දකින්න ලැබුණ එක වෙනුවෙන් වගේම මෙහෙම එකක් ලියන්න වුණු එක වෙනුවෙනුත් අපි ජනතාවගෙන් සමාව ඉල්ලනවා ….

~ දර්ශන වීරසිංහ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...