දැනුවත් වෙන්න.පරීක්ෂා කරගන්න.පියයුරු පිළිකා අවධානමෙන් මිදෙන්න – අද රට පුරා විශේෂ සායන

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පියයුරු පිළිකා වළකා ගැනීම වෙනුවෙන් අද (02) දින දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මඟින් සුවනාරී වෛද්‍ය සායනය සංවිධානය කර තිබේ.

ඔක්තෝම්බර් මාසයට යෙදී තිබුණු පියයුරු වළක්වා ගමිනේ මාසයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කා ඇත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මඟපෙන්වීමෙන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සහභාගීත්වයෙන් දිවයින පුරා විහිදී තිබෙන සුවනාරී සායන මධ්‍යස්ථානවලදී එම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර සුවනාරී සායන මඟින් පියයුරු පිළිකා මෙන්ම ගැබ් ගෙළ පිළිකා අවධානම් හඳුනා ගැනීමේ පරීක්ෂාවන් ද සිදුකරනු ලබයි.

ඒ අනුව අද (02) බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් සංවිධානය කර තිබුණු පියයුරු පිළිකා හඳුනාගැනීම මෙන්ම ඒ සම්බන්ධයෙන් වන දැනුවත් කිරීමේ සායනයට නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙනෙවිය සහභාගී වූ අතර එහිදී පියයුරු පිළිකා වළක්වා ගැනීම වෙනුවෙන් කාන්තාවන් වහා එම පරීක්ෂාවන් සිදුකරගැනීම සඳහා සායන වෙත යොමුවන ලෙස ඇය ඉල්ලා සිටියාය.

විශේෂයෙන් කාන්තාවන් ලෙස මෙය බැරෑරුම් තත්ත්වයක් ලෙස සලකා පියයුරු පිළිකා සහ ගැබ්ගෙල පිළිකා වැළඳීමේ වැඩි අවධානමක් පවතින හෙයින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මඟින් නොමිලේ පැවැත්වෙන මෙම සුවනාරී සායන වෙත ගොස් අවශ්‍ය පරීක්ෂාවන් සිදුකරගන්නා ලෙසයි නියෝජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව වසරකට පියයුරු පිළිකා රෝගීන් 6000ක් පමණ හඳුනා ගන්නා අතර පිළිකා හේතුවෙන් වසරකට 1000ක් පමණ මිය යයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති හරිනි 2026 CHOGM සඳහා සහභාගී වීමට ඇන්ටිගුවාට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: කැරිබියානු කලාපයේ ඇන්ටිගුවා සහ...

Formula One’ ලෝක ශූරයා වූ කිමි ඇන්ටනෙලි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: වයස අවුරුදු 20 න්...

බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය දෙහිවලදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පොලිස් විශේෂ කාර්ය බළකාය...