කාන්තාවන්ට දැනුවත් වෙන්න ජාත්‍යන්තර ප්‍රතිපත්ති කිහිපයක් දැන් සිංහල සහ දමිළ බසින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW:


පසුගිය (31) දිනට යෙදුණු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1325 යෝජනාවේ 26 වන සංවත්සරයට සමගාමීව “කාන්තාව, සාමය සහ ආරක්ෂාව” පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවන්හි නිල නොවන සිංහල සහ දෙමළ පරිවර්තන එළිදැක්වීමේ අවස්ථාව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවැත්විණි.


සාමයට පියමං (Pathways to Peace) සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය ප්‍රමුඛ කැනේඩියානු රජයේ අනුග්‍රහයෙන් සිදුකළ මෙම පරිවර්තනවල මුද්‍රිත පිටපත් පිළිගැන්වීම ද මෙහිදී සිදුවිය.


කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ න්‍යාය පත්‍රය (Women, Peace and Security Agenda) යනු සන්නද්ධ ගැටුම් හා යුදමය තත්ත්වයන් තුළ කාන්තාවන් සහ ගැහැනු ළමුන් මුහුණ දෙන විශේෂිත අභියෝග හඳුනාගනිමින්, සාමය ගොඩනැගීම, ගැටුම් වැළැක්වීම සහ ආරක්ෂාව තහවුරු කිරීමේ ක්‍රියාවලීන් සඳහා කාන්තාවන්ගේ සමාන හා සක්‍රීය සහභාගීත්වය සහතික කිරීම අරමුණු කරගත් ජාත්‍යන්තර ප්‍රතිපත්තිමය රාමුවකි.


2000 ඔක්තෝබර් 31 දින සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1325 යෝජනාව මඟින් ගැටුම් වැළැක්වීම, ගැටුම් නිරාකරණය, සාම සාකච්ඡා සහ සාමය ගොඩනැගීමේ ක්‍රියාවලීන්හිදී කාන්තාවන්ගේ භූමිකාව සහ සහභාගීත්වය අවධාරණය කරන ලදී. එමෙන්ම සන්නද්ධ ගැටුම්වලදී කාන්තාවන් හා ගැහැණු ළමුන් ආරක්ෂා කිරීම, ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ සහන හා ප්‍රතිසංස්කරණ කටයුතුවලදී කාන්තාවන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගැනීම ද මෙම න්‍යාය පත්‍රයේ ප්‍රධාන අරමුණු අතර වේ.


මෙම අවස්ථාව ආමන්ත්‍රණය කරමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසා සිටියේ,

“ජාත්‍යන්තර ප්‍රතිපත්ති, යෝජනා සහ තීරණ පිළිබඳ දැනුම භාෂා බාධකයකින් තොරව සියලු දෙනාටම ලබාගත හැකි වීම, කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවය පුළුල් කිරීමටත්, සාමය සහ ආරක්ෂාව සම්බන්ධ තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සඳහා කාන්තාවන්ගේ සක්‍රීය දායකත්වය ඉහළ නැංවීමටත් වැදගත් පියවරක්” වන බවයි. තවද, “භාෂාව දැනුමට බාධාවක් නොවිය යුතු අතර දැනුවත්භාවය, සමානත්වය සහ සහභාගීත්වය තුළින් සාමකාමී සමාජයක් ගොඩනැගීම අප සැමගේ වගකීමක්” බවද එතුමිය වැඩිදුරටත් අවධාරණය කරන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් Isabelle Martin මහත්මිය, සාමයට පියමං සංවිධානයේ නියෝජිතයින් සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට තවත් සුළි කුණාටුවක අවදානමක්; දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : සතියක් ඇතුළත...

හම්බන්තොට වරාය විරෝධතා නඩුවේ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට...

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "බෝ නොවන රෝගවලින් තරුණ...

අලි ඇතුන්ගේ ජීවිත සුරැකීමේ ‘හස්ති සේනා’ මෙහෙයුම රට පුරා ආරම්භ කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම...