කොළඹ LNW:ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (03) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.
අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල අද (03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවීමට නියමිතයි.
මෙම නඩුව පසුගිය ඔක්තෝබර් 28 වැනිදා කැඳවූ අවස්ථාවේදී, නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දෙන ලදී.


