මවගෙන් අතරමංවු කඳුකර කොටි පැටවුන් දෙදෙනෙකු සොයා ගැනේ

Date:

හැටන් – දික්ඔය, ඉන්ජෙස්ට්‍රී වතුයායේ අතරමංව සිටි කඳුකර කොටි පැටවුන් දෙදෙනෙකු සොයා ගැනීමට හැකි වු බව නල්ලතන්නිය වනජීවී නිලධාරීහු පවසති.
ඉන්ජෙස්ට්‍රී වතුයායේ අතරමංව සිටි මෙම කඳුකර කොටි පැටවුන්දෙ දෙනා එම වතුයායේ කාර්යමණ්ඩලයට හමුවීමෙන් පසුව ඒ බව නල්ලතන්නිය වනජීවී නිලධාරීන්ට දැනුම්දීමට පියවර ගෙන තිබිණි.
මනා ශරීර සෞඛ්‍යයෙන් යුතු දින දහයක් පමණ වයසැති ගැහුණු හා පිරිමි කඳුකර කොටි පැටවුන් දෙදෙනෙකු මෙසේ හමුව ඇති බවත්, පසුව කඳුකර කොටි මව ගැවසෙනු ඇතැයි අනාවරණය වු ස්ථානයේ මෙම පැටවුන් ආරක්ෂිතව තබා කොටි මවට රැගෙන යාමට අවශ්‍ය පියවර ගත් බව එම නිලධාරිහු කීය.
එම ස්ථානයේ තබන ලද පැටවුන් ඉන් පැයකට පමණ පසු කඳුකර කොටි මව පැමිණ පළමුව පිරිමි කොටි පැටවාත්, ඉන් පැය දෙකහමාරකට පමණ පසුව ගැහණු කොටි පැටවාත් රැගෙන කැළෑවට ගිය බවද ඔවුන් පැවැසීය.
මෙම කටයුතු ඉතාමත් සාර්ථක අයුරින් සිදු කිරීමට ඉන්ජෙස්ට්‍රී වතුයායේ වතු අධිකාරි රජිත් ගුණසේකරම් මහතා ඇතුළු කාර්යමණ්ඩලය සහ ගම්වාසීන් කඩිනමින් තොරතුරු ලබාදී අවශ්‍ය පහසුකම් සපයමින් දැක් වු සහාය අගය කරන බවද වනජීවී නිලධාරීහු වැඩිදුරටත් පැවැසුහ.



2022/10/13
ක්‍රිෂාන්තන්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...