ට්‍රස් හා ක්වාටෙන්ගේ ගරිල්ලා උපක්‍රම එක්සත් රාජධානියේ වෙළඳපොළ බිය ගන්වයි.

Date:

ජ්‍යේෂ්ඨ ආර්ථික විද්‍යාඥයන් විසින් එක්සත් ජනපද නව අගමැති ලිස් ට්‍රස්ගේ කුඩා අයවැය මඟින් ඇය අපේක්ෂා කරන 2.5% ආර්ථික වර්ධන ඉලක්කයන් ළඟා කර ගත නොහැකි බවට පුරෝකතන ඉදිරිපත් කර තිබේ.

එනම් ට්‍රස්ගේ හා නව මුදල් ඇමති ක්වාටෙන් නපේක්ෂිත බදු කප්පාදු මාලාවක් ප්‍රකාශයට පත් කළ විට, වෙළඳපල දැඩි ලෙස ඊට ප්‍රතිචාර දැක්වීය. එක්සත් ජලපද ආර්ථිකය දැනටමත් 9% උද්ධමනයකට මුහුන දී සිටි අතර, පවතින වියදම් හේතුවෙන් ප්‍රචණ්ඩකාරී ලෙස බ්‍රිතාන්‍ය පවුම හා පොලී අනුපාත ඉහළ ගොස් ඇත.

මේ සම්බන්ධයෙ න්ඩොයිෂ් බැංකුවේ ප්‍රධාන එක්සත් රාජධානියේ ආර්ථික විද්‍යාඥ සංජේ රාජා පැවසුවේ ට්‍රස් අපේක්ෂා කරන 2.5% ආර්ථික වර්ධනයක් ලබා ගැනීම දැවැන්ත කටයුත්තක් බවත්, එයට සැලකිය යුතු ප්‍රමාණයේ සැපයුම් අංශයේ ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන බවත්ය. එය වසර පහක් ඇතුළත ලබා ගැනීම කළ නොහැක්කකි.

එමෙන්ම බදු කප්ප්පාදුව හේතුවෙන් වෙළඳ පොළ කරළඹීමට ලක්ව ඇති අතර, මෙම කුඩා අයවැය ප්‍රතිපත්තිය මඟින් ලිස් ට්‍රස් හා ක්වාටෙන් අන්තරායේ ඇති පුළුල් ජාත්‍යන්තර තත්වය නොසලකා හැර ඇති බවට ද චෝදනා එල්ලවන අතර අප දකින කුඩා විස්මයන් විශාල බලපෑමක් ඇති කරනු ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

මෙම තතත්වයෙන් මිදීමට නම් නව බදු ඉහල දැමීම් හෝ වියදම් කපා හැරීම් මගින් ණය අඩු කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතු බව අවධාරණය කෙරේ.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...