කෙන්යාවටත් ණය පැහැර හැරීමේ චෝදනාවක්..

0
562

රජය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරයි…

ණය පැහැර හැරීම යනු මේ දිනවල අතිශයින්ම සංවාදයට බඳුන්වන මාතාකාවකි. ඒ අන් කවරක් නිසා නොව, ශ්‍රී ලංකාවේ මතුව ඇති ආර්ථික අර්බුදය හමුවේ මහ බැංකුව විසින් විදෙස් ණය පැහැර හැරීම සහ ඒ හා සමඟාමීව මතුවූ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ වර්තමානය වන විට ශ්‍රී ලංකාව යනු බංකොලොත්භාවයට පත්වූ රටක් ලෙස ජාත්‍යන්තරය විසින් හඳුනා ගෙන තිබීමයි.

මෙම පුවත වාර්තා වෙන්නේ කෙන්යාවෙන් ය. කෙන්යාව චීනයේ දුම්රිය ව්‍යාපෘතියක් සඳහා ලබා ගත් ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ක ණයක් ගෙවීම පැහැර හැරීම හමුවේ චීනය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක දඩ මුදලක් කෙන්යාව ට පැනවූ බව ඉකුත් දින බිස්නස් ඩේලි පුවත්පත වාර්තා කර තිබිණි.

මෙම දුම්රිය ව්‍යාපෘතිය නිදහසෙන් පසුව සිදුකරන විශාලතම යටිතල පහසුකම් ව්‍යාපෘතියයි | ඡායාරූප: Michael Khateli; BBC

මෙම දුම්රිය ව්‍යාපෘතිය කෙන්යාවේ දැනට පවතින විශාලතම යටිතල පහසුකම් ව්‍යාපෘතිය යි. නයිරෝබි අගනුවර සිට වෙරළබඩ නගරයක් වන මොම්බාසා දක්වා කිලෝමීටර 472 ක දුරක් දක්වා දිවෙන මෙම දුම්රිය ව්‍යාපෘතිය එරට නිදහස ලැබීමෙන් පසුව සිදුවන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ද වේ.

එම ව්‍යාපෘතියට අදාළව ලබා ගෙන ඇති ණයයි මෙසේ පැහැර ඇති බවට වාර්තා වන්නේ.

කෙසේවෙතත්, කෙන්යා රජය මෙම වාර්තා දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ. එකී දුම්රිය මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් චීනයට ණය ආපසු ගෙවීමට අසමත්ව ඇති බවට පළවන වාර්තා සත්‍ය නොවන බවත්, ඒවා විසිලුසහගත බවත් එරට මහජන ණය කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල් හරොන් සිරිමා බීබීසීය වෙත පවසා තිබේ.

එමෙන්ම, රජයට කිසිඳු හිඟ මුදලක් ගෙවීමට නැති බව ද හෙතෙම අවධාරණය කළේය.

අවුට්බවුන්ඩ් ටුඩේ