*
Friday, September 20, 2024
spot_img

Latest Posts

වසංගත මැද ධම්මික පැණිය ගහපු අපිට උගන්ඩාවේ රජයයි ආගමික නායකයොයි එකට ඉඳගෙන උගන්වන පාඩම මෙන්න!

ඉබෝලා වසංගතය හමුවේ විද්‍යාව කෙරේ විශ්වාසය තබන මෙන් එරට ආගමික නායකයන්ගෙන් සියලු ජනතාවට ඉල්ලීමක්…

උගන්ඩාවේ වර්තමානය වන විට ව්‍යාප්තව ඇති ඉබෝලා වසංගත තත්ත්වය මත ඉබෝලා ආසාදිත හෝ රෝග ලක්ෂණ පෙන්නුම්කරන පුද්ගලයන්ට සාම්ප්‍රදායික වෙදකම් සහ ශාකසාර ආශ්‍රිත වෙදකම් සිදුකිරීමෙන් වැළකී සිටින ලෙස එරට ජනපති යොවෙරි මුසෙවෙනි නියෝග කර තිබේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ, උගන්ඩා ජනපති විසින් නිකුත් කළ මෙම නියෝගය එරට ආගමික නායකයන් විසින් ද අනුමත කර තිබීමයි.

ඒ අනුව, මෙම වසංගත තත්ත්වය හමුවේ විද්‍යාවට මුල්තැන දී කටයුතු කරන ලෙස ආගමික නායකයන් පවා ජනතාවගෙන් ඉල්ලා සිටින බවට බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

උගන්ඩාවේ ප්‍රමුඛ ක්‍රිස්තියානි දේවස්ථානයක පූජකවරයකු වන ඩැනියෙල් ටොකෙන්ස් වෙජුලි හිමිපාණන් අවධාරණය කර තිබෙන්නේ තිබෙන්නේ ඇතැම් අවස්ථාවලදී අනවශ්‍ය ලෙස ආගමික විශ්වාස මතම යැපී සිටීම හරහා වැරදි අඩුපාඩු සිදුවිය හැකි බවයි.

එමෙන්ම, මෙම මොහොතේ උගන්ඩාවේ සියලු ආගමික නායකයන් විද්‍යාව කෙරේ විශ්වාසය තබා කටයුතු කළ යුතු බවට උන්වහන්සේ පෙන්වා දුන්හ.

මේ වන විට උගන්ඩාවේ ඉබෝලා වසංගත තත්ත්වය හමුවේ පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඒ අතර උගන්ඩාවේ අගනුවර වන කම්පාලා හි පුද්ගලයකු ද වෙයි.

උගන්ඩාවේ ආගම දහමට බර සෑම පුද්ගලයකුම පාහේ තමාට රෝගී තත්ත්වයක් මතුව ඇති විට එරට ජාතික සෞඛ්‍ය සේවාවෙන් සේවාවන් ලබා ගැනීම වෙනුවට වඩා ප්‍රිය කරන්නේ සාම්ප්‍රදායික වෙදකම කෙරේ නැඹුරු වීමටයි.

මෙම පසුබිම තුළ ඉබෝලා වැනි ආසාදනයක් හමුවේ සාම්ප්‍රදායික සහ ශාකසාර ආශ්‍රිත වෙදකම් සිදුකිරීම එරට ජනපතිවරයා විසින් තහනම් කර තිබීම තමා අනුමත කරන බව ඩැනියෙල් ටොකෙන්ස් වෙජුලි හිමිපාණන් පවසා තිබේ.

ඩැනියෙල් ටොකෙන්ස් වෙජුලි හිමිපාණන් යනු උගන්ඩාවේ අන්තර්-ආගමික කවුන්සිලයේ අධ්‍යාත්මික සහ මනෝවිහිතීන් ආශ්‍රිත කටයුතු පළිබඳ ප්‍රධානී තනතුර දරන ආගමික නායකයා ය. උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, උගන්ඩාවේ සංස්කෘතික සහ ආගමික වත්පිළිවෙත් වලින් මෙම රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවයි.

ආගම දහමට නැඹුරු පුද්ගලයන් රෝග තත්ත්වයක් ඇති තම ආදරණීයයන් වෙනුවෙන් යාඥා කිරීම යහපත් ක්‍රියාවක් මුත්, එය සිදු කිරීමේදී ඈත සිට කරන මෙන් උන්වහන්සේ උගන්ඩාවේ සියලු ආගමික බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියහ. තව ද, තම ජනතාව රැක ගැනීම ආගමික නායකයන්ගේ පරම යුතුකම බව ද ඩැනියෙල් ටොකෙන්ස් වෙජුලි හිමිපාණන් අවධාරණය කළහ.

මේ පිළිබඳව අදහස් දක්වමින් උගන්ඩාවේ විශාලතම ශාකසාර නිශ්පාදන සමාගම වන Corporate Herbalist හි ප්‍රධානී හජාත් අයිෂා රෂිද් ලුක්වාගෝ මහත්මිය පෙන්වා දුන්නේ, ශාකසාර ඖෂධවලට සිදුකළ නොහැකි දේ ඇති බවත්, ඉබෝලා ආසාදනයට අදාළව ශාකසාර වෙදකමේ නිසි පර්යේෂණ තවමත් සිදුව නැති බැවින් ජනාධිපතිවරයා ලබා දුන් නියෝගය පිළිපැදීම සුදුසු ක්‍රියාවක් බවත් ය.

ඡායාරූප: ගෙටී ඉමේජස්

අවුට්බවුන්ඩ් ටුඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan