මීටර් 400 අවසාන තරගයේ හොඳම මං තීරු ශ්‍රී ලංකාවට – නෙත්මිකා පසු බසියි – සිතුලි අද තරග බිමට

Date:

කුවේට් හී ක්‍රියාත්මක අවුරුදු 18 න් පහළ ආසියාතික යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දෙවන දිනය අදයි.අද එහි පැවත්වීමට නියමිත මීටර් 400 පිරිමි අවසාන තරගයේ හොඳම මං තීරු දෙක ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් කර ගැනීමට ඊයේ පැවති මූලික තරගවලදී ඉහළ දස්කම් පෑ ශ්‍රී ලංකාවේ ප්‍රවීන් ජයතිලක සහ අවිශ්ක තේමින්ද සමත් වුණා.

මූලික තරගවලදි ඉහළම දක්ෂතා පෙන්නුම් කළේ කොළඹ තර්ස්ටන් විද්‍යාලය නියෝජනය කරන සහ අසංක රාජකරුණා යටතේ පුහුණුව ලබන ප්‍රවීන් සැලමුතු ජයතිලකයි.ඔහු සහභාගි වූ මූලික තරගයේදී ප්‍රවීන් ප්‍රථම ස්ථානය දිනා ගත්තේ තත්පර 48.84 ක දක්ෂතාවයක් දක්වමින්.ඒ දක්ෂතා අනුව අද (ඔක්තෝම්බර් 14) පැවත්වෙන අවසාන තරගයේදී ප්‍රවීන් තෙවන මංතීරුවේ තරග වැදීමේ අවස්ථාව දිනා ගෙන සිටිනවා.

මීටර් 400 දෙවන මූලික තරගයේදී ප්‍රථම ස්ථානය දිනූ අවිශ්ක තේමින්ද තත්පර 49.58 ක දක්ෂතාවයක් දැක් වූවා.ඔහු කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ සුනේත්‍රා කරුණානායක යටතේ පුහුණුව ලබන්නෙක්.මූලික තරගවල හොඳම තරග නිමා කිරීමේ දෙවන කාලය හිමි අවිශ්ක අවසාන තරගයේදී ධාවනයේ යෙදෙන්නේ දෙවන මං තීරුවෙයි.

ශ්‍රී ලංකාව මේ තරගාවලියේ ඉහළ බලාපොරොත්තුවක් ලෙස සැළකූ බාලිකා දුර පැනීමේ ඉසව්වේ දී නෙත්මිකා මධුෂානි අවාසනාවන්ත පසුබෑමකට මුහුණ දුන්නා.තරගයට සහභාගිවන මොහොත වන විට ආසියාවේ දෙවන තැන සිටි අවුරුදු 18 න් පහළ දුර පනින්නාය වූ නෙත්මිකා තරගයට සහභාගි වූ ක්‍රීඩිකාවන් අතරේ දක්ෂතා අතරින් ඉදිරියෙන්ම සිටි ක්‍රීඩිකාව වුණා.

ඇය තරග වදින මොහොත වනවිට තිබුණ උණුසුම් කාලගුණය මෙන්ම ලෝකයේ දැඩි මතබේදාත්මක කරුණක් වන පළමු පිමි තුණෙන් පසු එහි දස්කම් දැක් වූ හොඳම අට දෙනාට පමණක් අවස්ථාව හිමිවීමත් නෙත්මිකාගේ පරාජයට බලපෑවා.ඇය මුල් පිමි තුන අවසානයේ සිටියේ නවවන තැන නිසා ඉතිරි පිමි සඳහා අවස්ථාව හිමි වුණේ නැහැ.

එම තරගයේ ජයග්‍රාහිකාව වූ දවනෝකෝවා ෂරීෆ් වාර්තා කළ මීටර් 6.06 ක පිමිම නෙත්මිකාගේ හොඳම දක්ෂතාවය හා සමාන වූ අතර නෙත්මිකාට මෙම තරගයේදී වාර්තා කිරීමට හැකි වුණේ මීටර් 5.47 ක දක්ෂතාවයක් පමණයි.

අද මීටර් 400 අවසාන තරගයට ප්‍රවීන් සහ අවිශ්ක සහභාගිවන්නේ පස්වරු 5.40 ට යි.උස පැනීමේ ඉසව්වට ඉදිරිපත්වන සිතුලි සාදිත්‍යා තරග බිමට පිවිසෙන්නේ පස්වරු 5.10 ට යි.සිතුලි නුගේගොඩ සමුද්‍ර දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියක වන අතර පුහුණුව ලබන්නේ නිපුණ නිර්මාල් යටතේය.අද දිනයේ තරග වදින තිදෙනාටම සෙල්සියස් අංශක 33 – 35 වැනි උෂ්ණත්වයක් යටතේ තරග වදින්නට සිඳුවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

ඡායාරූපයේ සිටින්නේ අවිශ්ක සහ ප්‍රවීන්ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...