*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට සමරිසියන් පේන්නේ ‘වඳුරන්’ වගේ ද?

ශ්‍රී ලංකාවේ සමරිසි, සංක්‍රාන්ති සමාජභාවී ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම් පෙර නොවූ විරූ අන්දමින් සංවාදයට තුඩු දී ඇති යුගයක් වන වර්තමානය තුළ, පුද්ගල නිදහස, මාධ්‍ය නිදහස, නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම්වලට මුල් තැන දෙන්නේ කියන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (Free Media Movement) නම් සංවිධානයට බරපතල චෝදනාවක් එල්ල වී තිබේ.

මෙම චෝදනාව එල්ල කරන්නේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන සුනන්ද දේශප්‍රිය මහතා විසිනි.

ඔහු විසින් ඊයේ (13) දින නිකුත් කළ ට්විටර් පණිවුඩයක් හරහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට අයත් ප්‍රභල සාමාජිකයන් දෙදෙනෙකු විසින් ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට බරපතල අන්දමේ අපහාසයක් සිදුවන අන්දමේ අදහස් පළකර ඇති බවට පෙන්වා දෙයි.

මෙම අපහාසය සිදුකර තිබෙන්නේ යාපනයේ පැවැත්වීමට නියමිත විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් තේමා කරගත් චිත්‍රපට දැක්මකට අදාළව පළවූ පෝස්ටුවලට ප්‍රතිචාර වශයෙන් බවයි සුනන්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙන්නේ.

විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් LGBTQ ලෙස වර්ගීකරණය කිරීම තුළින් බටහිර ක්‍රිස්තියානි සම්ප්‍රදායන් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමේ ප්‍රයද්නයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බවට එකී එක් පුද්ගලයකු පවසා ඇති අතර, තවත් පුද්ගලයකු විවිධ ලිංගික අනන්‍යතා පැවතීම ‘වානරයන්ගේ’ ජීවන විලාශයට සමකර තිබේ.

විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් LGBTQ ලෙස වර්ගීකරණය කිරීම හරහා බටහිර අභාෂය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීමේ වෑයමක් ඇති බවත්, ‘සිවිල්’ වී ඇති ‘සංස්කෘතික’ වී ඇති බටහිර විසින් හඳුන්වා දී ඇති සියලු දෙය නිවැරදි දෙය ලෙස පිළිගැනීම වැරදි බවත්, එය අනුගමනය කරන්නේ නම් ශ්‍රී ලාංකිකයන් ‘කළු සුද්දන්’ විය යුතු බවත් එකී නිදහස් මාධ්‍ය ව්‍යාපාර සාමාජිකයන් පවසා ඇති බව සුනන්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙයි.

LGBTIQ නාමකරණය බටහිර සමාජයෙන් බිහිවූ බව සැබෑවකි. එකී නාමකරණයන් ලොවට හඳුන්වා දීමට පෙර ශ්‍රී ලංකාව ඇතුළු ලොව බොහෝ රටවල විවිධ ලිංගික අනන්‍යතා සියවස් ගණනාවක් පුරාවට තිබූ බව ද සැබෑය. ඉන්දියාවේ හිජ්‍රා ප්‍රජාව මෙන්ම ශ්‍රී ලංකාවේ නච්චි ප්‍රජාව මීට කදිම උදාහරණයයි. එහෙත් ශ්‍රී ලංකාව ඇතුළු එකී රටවල විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට ඔවුන්ගේ ලිංගික අනන්‍යතාවය මත සිදුවන වෙනස්කොට සහ කොන්කොට සැලකීම් විධිමත් අන්දමින් ආමන්ත්‍රණය වීම ඇරඹුනේ LGBTIQ නාමකරණය බටහිර සමාජය විසින් හඳුන්වා දීමෙන් අනතුරුව ය. රටක වසන සෑම පුරවැසියකුට මෙන්ම විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට ද සමාන හිමිකම් හිමිවිය යුතුය යන සංවාදය නිර්මාණය වූයේ LGBTIQ නාමකරණය බටහිර සමාජය විසින් හඳුන්වා දීමෙන් අනතුරුව ය.

සුනන්ද දේශප්‍රිය මහතා ගේ ප්‍රකාශය සත්‍යයක් නම්, ඔහු පවසන අන්දමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රභල සාමාජිකයන් දෙදෙනෙකු විසින් මෙසේ විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාව හෑල්ලුවන අන්දමේ ප්‍රකාශ සිදුකරේ නම් ඒ ඔස්සේ බරපතල ගැටළු දෙකක් මතුවේ. එකක් නම්, මාධ්‍ය නිදහස, නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සැබවින්ම පෙනී සිටින්නේ කුමක් වෙනුවෙන් ද යන්නයි. අද වන විට ලෝකයේ හිනිපෙත්තට ගොස් ඇති මිනිස් ජීවිත ලක්ෂ කෝටි ගණනින් බේරා ගැනීමට උපකාර වන වෛද්‍ය විද්‍යාව ලොවට දායාද කළේ ද බටහිර විසින් ය. මිනිස් ජීවිත ලක්ෂ ගණනකගේ ජීවිත බිලිගත් කොවිඩ් වසංගතයෙන් ජීවිත බේරා ගත්තේ නම් ඒ බේරා ගත්තේ ද බටහිර විසින් දායාද කළ වෛද්‍ය විද්‍යාවට ස්තූති වන්නට ය. විවිධ ලිංගික අනන්‍යතා LGBTQ ලෙස වර්ගීකරණය කිරීම වැරදි නම්, වෛද්‍ය විද්‍යාව ද අපේ රටින් බැහැර කොට, වෛද්‍ය උපාධි, වෛද්‍ය පීඨ, ජීව විද්‍යා ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය පමණක් නොව සාමාන්‍ය පෙළ විද්‍යාව විෂයය ද විෂයය නිර්දේශයෙන් ඉවත් කොට සාම්ප්‍රදායික දේශීය වෙදකමට අප මුළුමහත් රටක් ලෙසම නැඹුරු විය යුතු බව එම ව්‍යාපාරය විසින් යෝජනා කරන්නේ ද යන්න අනෙක් ගැටළුවයි.

මේ පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට ලබා දීමට පිළිතුරක් ඇත්තේ නම්, පිළිතුරු ලබා දීමේ අයිතියට ගරු කරමින් ඒ සඳහා ද අප වෙබ් අඩවියේ ඉඩ ලබා දීමට කටයුතු කරන බව පැවසීමට ද LNW අපි කැමැත්තෙමු.

සංස්කාරක (LGBTIQ)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan