බ්‍රිතාන්‍යයේ මුදල් ඇමති ක්වාසි ක්වාටෙන්ග් ධූරයෙන් නෙරපයි!

බ්‍රිතාන්‍ය හෙවත් එක්සත් ‍රාජධානියෙහි මුදල් අමාත්‍ය ධූරය හෙබවූ යේ ක්වාසි ක්වාටෙන්ග් ය. ඔහුගේ අදූරදර්ශි ක්‍රියාවන් හේතුවෙන් ඇමති පුටුවෙන් නෙරපීමට එරට බලධාරීන් ක්‍රියා කර ඇත.

වොෂින්ටනයේදී පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සමුළුවට සහභාගීව සිටින ඔහු නැවත තම රටට ගෙන ඒමට එරට අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් කටයුතු කර තිබේ.

මෙලෙස පසුගියදා හඳුන්වා දුන් ආර්ථික පැකේජ හේතුවෙන් ආණ්ඩුවේ දැවැන්ත බදු කප්පාදුව මූල්‍ය වෙළෙඳපොලට දැඩි බලපෑමක් ඇති කිරීම නිසා මෙම තනතුරින් ඔහුව පහ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍යයේ මුදල් අමාත්‍ය ධූරය සඳහා ජෙරමි හන්ට් ( Jeremy Hunt) නව මුදල් අමාත්‍යවරයා ලෙස තේරී පත් කරන ලදී.

නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...