දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාමේ රතු නිවේදන!

Date:

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ඊයේ (14) ප.ව 4සිට අද (15) දින ප.ව 4 දක්වා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ඉංගිරිය පාලින්දනුවර සහ බුලත්සිංහල නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ඇහැළියගොඩ ප්‍රදේශවලට මෙලෙස ඉවත් වන ලෙස දැනුම් දෙන රතු නිවේදන නිකුත් කර තිබේ.

තවද දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදන නිකුත් කර ඇත.

ඒ් අනුව කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ ‌හොරණ බණ්ඩාරගම මිල්ලනි‌ය මතුගම සහ අගලවත්ත ,කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, වරකාපොළ සහ රුවන්වැල්ල , රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇලපාත, නිවිතිගල, කිරිඇල්ල, අයගම, පැල්මඩුල්ල සහ කුරුවිට ප්‍රදේශවලට දෙවන මට්ට‌මේ නිවේදන නිකුත් කර තිබේ.

එසේම කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක , ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, බේරුවල, පානදුර සහ මදුරාවල සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, මාවනැල්ල, දැරණියගල සහ යටියන්තොට ප්‍රදේශවල ජනතාවට නායයාම් පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙසද එම සංවිධානය දනුම් දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...