බැංකු ගිණුම් විවෘත කිරීම ඇතුළු වැඩ 8ක් සඳහා TIN අංකය අනිවාර්යය කිරීම 2027 අප්‍රේල් දක්වා කල් දමයි

සටහන – රුවන් නෙළුගොල්ල

නිශ්චිත ගනුදෙනු 08ක් සඳහා බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්යය කිරීම 2027 අප්‍රේල් 01 වනදා දක්වා කල්දමා තිබේ.

ඒ, TIN අංකය ලබාගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යාල තුළ ඇතිවී තිබෙන අධික තදබදය හේතුවෙනි. 2026 නොවැම්බර් 01 වනදා සිට මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර පසුගිය දිනවල දිවයින පුරා දේ. ආ. දෙ. කාර්යාල අසල දීර්ඝ පෝලිම් දැකගැනීමට ලැබිණි.

මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.


මහජනතාව වෙත සහ සියලුම වගකිවයුතු නිලධාරීන් වෙත කරනු ලබන දැනුම්දීමයි

නිශ්චිතව දක්වනු ලබන කාර්යයන් සඳහා TIN සහතිකය අනිවාර්යයෙන් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය

2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මගින් සංශෝධිත, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 103 වගන්තියේ (6) වන උපවගන්තිය ප්‍රකාරව, 2026 සැප්තැම්බර් 22 දිනැති SEC/PN/IT/2026/05 දරන චක්‍රලේඛය මගින්, 2026 නොවැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි, නිශ්චිතව සඳහන් කර ඇති ගනුදෙනු වර්ග අටෙන් (08) ඕනෑම ගනුදෙනුවක නිරත වන පුද්ගලයකු, වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ සහතිකයක් (TIN Certificate) ඉදිරිපත් කිරීම අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අදාළ සියලුම නිලධාරීන් වෙත දැනුම් දී ඇත.

කෙසේ වෙතත්, ඉහත සඳහන් ගනුදෙනුවල නිරත වන පුද්ගලයන්ගෙන් මෙන්ම වෙනත් පුද්ගලයන්ගෙන් ද TIN සහතික සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බව නිරීක්ෂණය වී ඇත.

මෙම තත්වය සැලකිල්ලට ගනිමින් සහ මුදල් අමාත්‍යාංශයේ අනුමැතියද ඇතිව, ඉහත සඳහන් අනිවාර්ය අවශ්‍යතාවය ක්‍රියාත්මක කිරීම 2027 අප්‍රේල් 01 දින දක්වා කල් දැමීමට තීරණය කර ඇත.

මෙම දීර්ඝ කරන ලද කාලසීමාව තුළ, දැනටමත් TIN අංකයක් සඳහා ලියාපදිංචි වී ඇති පුද්ගලයන්ට තම TIN සහතිකය වඩාත් පහසු ක්‍රමවේදයකින් ඔස්සේ ලබා ගැනීමට හැකි වන පරිදි විකල්ප ක්‍රමවේදයන් හඳුන්වා දීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත. එසේම, මෙතෙක් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයන්ට මාර්ගගතව ඊ-සේවාව (e-Services) ඔස්සේ තම TIN ලියාපදිංචිය ලබා ගන්නා ලෙස ද දැනුම් දෙනු ලැබේ.

~ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංවිධානාත්මක අපරාධ පනතේ ප්‍රශ්නගත පැය 72 වගන්තිය ඇතුළු කරුණු 3ක් සංශෝධනය කරනවා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ...

යුරෝපය පුරා මගී ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: යුරෝපය පුරා මගී...

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...