ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක්

Date:

කුවේට් හී ක්‍රියාත්මක අවුරුදු 18 න් පහළ යෙවුන් මලල ක්‍රීඩා සූරතාවලියේ තෙවන දිනය වූ ඔක්තෝම්බර් 15 වන දා ශ්‍රි ලංකාවට රිදී පදක්කම් දෙකක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනා ගන්නට හැකි විය.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පදක්කම් පැස රිදී පදක්කම් තුනකින් සහ ලෝකඩ පදක්කම් පිරී ඇත.ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අට දෙනෙක්ගේ යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වන පස් දෙනෙක්ම පදක්කම්ලාභින් වී ඇති අතර හෙට දිනයේ ශ්‍රී ලංකාවට ඇත්තේ දුර පැනීම පිරිමි තරගය පමණි.ඒ සඳහා රස්වීන් කරීම් ඉදිරිපත් වේ.

අද පැවති උස පැනීමේ පිරිමි තරගයේදී රිදී පදක්කම දිනා ගත්තේ දෙනෙත් අනුහස්ය.ඔහු දැක් වූ දක්ෂතාවය මීටර් 2.01 විය.මොණරාගල දිස්ත්‍රික්කයේ අති දුෂ්කර බෝදාගම විද්‍යාලයේ සිසුවෙක් වන දෙනත්,ආසියාතික මට්ටමේ පදක්කම්ලාභියෙක් බවට ගොඩ නඟන්නට පන පෙව්වේ නිලුකා සේනාරත්න සහ කළණ විජයසෝම ය.ලෙසඳු තෙවන ස්ථානය දිනා ගන්නේ මීටර් 1.97 ක දක්ෂතාවයක් පෙන්වමින්ය.කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ සිසුවෙක් වන ලෙසඳු, ගීත් සතුරුසිංහ යටතේ පුහුණුව ලබන්නේය.

මෙම තරගාවලියට දුර තියා සුදුසුකම් ලබාගත් ගම්පොළ වික්‍රමභාහු විද්‍යාලයේ කසුනි නිරමාලි වික්‍රමසිංහ මීටර් 800 තරගයේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නාය.ඇය පුහුණුව ලබන්නේ බුද්ධික නුවන් මධුශංක යටතේය.කසුනි මෙහිදී විනාඩි 2:15.73 ක කාලයකින් ඉසව්ව නිමා කළාය.

පිරිමි උස පැනීම තරගය ජයගත් දකුණු කොරියාවේ චොයි ජින්වෝ මෙන්ම කාන්තා මිටර් 800 ජයගත් ඉන්දියාවේ ආශාකිරාන් බර්ලා යන දෙදෙනාම එම ඉසව් ජය ගත්තේ අවුරුදු 18 න් පහළ යොවුන් ආසියාතික මලලක්‍රීඩා සූරතාවලියට නව වාර්තා එක් කරමින් වීම ද මෙහිදි කැපී පෙණින.පිරිමි උස පැනීමෙන් චීනයේ චෙන් ලොන්ග් මීටර් 2.20 ක දක්ෂතාවයක් දක්වමින් තබා තිබූ වාර්තාව චොයි ජින්වෝ බිඳ දැමුවේ මීටර් 2.21 ක උසක් පනිමින්ය.ආශාකිරාන් විසින් විනාඩි 2:06.79 ක දක්ෂතාවයක් දක්වමින් බිඳ දැමුවේ තරගාවලියේ කාන්තා මීටර් 800 ඉසව්ව සඳහා චීනයේ රාවෝ ෂින්යු පිහිටුවා තිබූ විනාඩි 2:09.03 ක් වූ වාර්තාවය.

අද තරගාවලියේ අවසාන දිනයේ දී තරග බිමට පිවිසෙන්නට නියමිතව ඇත්තේ රස්වින් කරීම් ය.පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන සහ නයන ප්‍රසාද් ධර්මරත්න යටතේ පුහුණුව ලබන කරීම් ට, මෙවර ශ්‍රී ලංකා පදක්කම් ගොන්නට අඩුව පවතින එකම පැහැය වන රන් පැහැය එක් කරන්නට හැකිවේවා යන්න LNW පැතුමය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...