*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/16

1. ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය වැඩසටහන් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් බහුපාර්ශ්වික ණයදෙන්නන් සමඟ එක්ව කටයුතු කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඈන්-මරී ගල්ඩ් වුල්ෆ් (Anne-Marie Gulde Wolf) ප්‍රකාශ කරයි. – ශ්‍රී ලංකාවට ඔවුන්ගේ ප්‍රතිපත්ති දැඩි ලෙස අනුගමනය කිරීමට සිදුවන බව ද පෙන්වා දෙයි.

2. දළ දේශීය නිෂ්පාදිතයේ පහත වැටීමක් සිදුවූව ද ශ්‍රී ලංකාව “මධ්‍යම ආදායම් ලබන” රටක් ලෙස ම පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි – එබැවින් යෝජිත දීර්ඝකළ අරමුදල් පහසුකම “සහනයක්” නොවන බවත්, එය සාමාන්‍ය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් පහසුකමක් බවත් අවධාරණය කරයි.

3. “රාජ්‍ය සහ පෞද්ගලික සියලු ණය හිමියන් සඳහා සමානාත්මතාවය ගෙන ආ යුතුය” යන අවශ්‍යතාවය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කළමනාකාර අධ්‍යක්ෂකගේ ප්‍රකාශය පිළිබඳව විශ්ලේෂකයන් ගේ දැඩි අවධානය – විදේශ විනිමය ණයහිමියන් මත පනවන ඕනෑම කොන්දේසියකට දේශීය ණය ද යටත් විය යුතු බවට මින් හැඟවෙන බවට අර්ථකථනය කරති.

4. ශ්‍රී ලංකාව තුළ දැඩි මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් පෝෂණය කිරීම සඳහා “පිළිදැගුම් මාපිය (Foster Parent)” සංකල්පයක් ක්‍රියාවට නංවන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කරයි – මේ වනවිට ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දරුවන් 20,000 කට අධික සංඛ්‍යාවක් කුසගින්නේ සිටින බව කියවෙයි – ඇස්තමේන්තුගත මිලියන 6.3 ක ජනතාවක් මධ්‍යස්ථ-සිට-උග්‍ර-දක්වා වූ ආහාර අනාරක්ෂිතතාවයකට මුහුණ දෙන බව ද අනාවරණය වෙයි.

5. “ණය පැහැර හැරීම” ප්‍රකාශයට පත් කිරීමෙන් මාස 6 කට වැඩි කාලයක් ගත වූ පසු ශ්‍රී ලංකා බලධාරීහු ප්‍රථම වරට වොෂින්ටනයේදී තම විශාලතම ස්වෛරී විදේශීය බැඳුම්කර හිමියන් හමුවෙති – මූල්‍ය හා නීති උපදේශකයන් වන “ලසාර්ඩ්” සහ “ක්ලිෆර්ඩ් චාන්ස්” මෙන්ම මහ බැංකු අධිපති වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් සිරිවර්ධන ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීට සහභාගී විය.

6. ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරය කිරීමට “ආරක්ෂිතම” රටවල් 13 අතරට පත්ව ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි – WorldPackers.com වෙබ් අඩවියට අනුව, පළමු ස්ථානය අයිස්ලන්තය වන අතර, ශ්‍රී ලංකාව 12 වන ස්ථානයේ පසුවේ.

7. ත්‍රිරෝද රථ රෙගුලාසිවලට අදාළ ජාතික ප්‍රවාහන පනතේ සංශෝධන, රජයේ දෙපාර්තමේන්තු තුළ මාස ගණන් කල්මරයි – රෙගුලාසි නොතකා ත්‍රිරෝද රථ ගාස්තු උච්චාවචනය වෙයි!

8. හිටපු ඇමති විමල් වීරවංශ ගේ නායකත්වයෙන් යුතු උත්තර ලංකා සභාගයේ රැස්වීම් මාලාවක් රට පුරා පැවැත්වීමට නියමිතයි! – මූලික අරමුණ රාජ්‍යය ශක්තිමත් කර වත්මන් ආර්ථික අර්බුදයෙන් රට මුදවා ගැනීමයි.

9. බලශක්ති ආනයනය සඳහා මහ බැංකුවට මසකට ලබාදිය හැක්කේ ඇ.ඩො මිලියන 200ක් පමණක් බව බලශක්ති අමාත්‍යාංශයට දන්වා ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි – ණය පැහැර හැරීමට පෙර, එනම් 2022 වර්ෂයේ අප්‍රේල් මාසයට පෙර, විදේශ විනිමය ණය ගෙවීම් සහ රාජ්‍ය බැංකුවලට විදේශ විනිමය ද්‍රවශීලතාව ලබා දීම් අතරතුර දී පවා බලශක්ති ආනයනය සඳහා මහ බැංකුවෙන් ඇ.ඩො. මිලියන 500ක් ලබා දී ඇත.

10. ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ගේ 7 වැනි ආසියානු කුසලාන ශූරතාවය දිනා ගනී! – ශ්‍රී ලංකාව කඩුලු 8කින් පරාජයට පත් විය; ශ්‍රී ලංකාව – 65/9 (පන්දුවාර 20); ඉන්දියාව – 71/2 (පන්දුවාර 8.3).

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan