එක්සත් රාජධානියේ නව අගමැති නෙරපා දැමීමට ජ්‍යෙෂ්ඨ ටෝරිවරු අතර සාකච්ඡා

Date:

එක්සත් රාජධානියේ සිටි මුදල් අමාත්‍යවරයා වන ක්වාසි ක්වාටෙන්ග් ධුරයෙන් නෙරපා හැර නව මුදල් අමාත්‍යවරයා වශයෙන් චාන්සලර් ජෙරමි හන්ට් පත්කිරීමත් සමඟ ලිස් ට්‍රස් නායකත්වයෙන් කඩිනම් ඉවත් කළ යුතු බවට ජ්‍යෙෂ්ඨ ටෝරිවරු අතර සාකච්ඡා ඇතිව තිබෙන බව වාර්තා වේ.

අරමුදල් සපයන්නේ කෙසේදැයි පැහැදිලි නොකර බදු අඩු කිරීම අන්ධව පියාසර කිරීමක් බවට පසුගිය දා නව මුදල් ඇමති ජෙරම් හන්ට් ප්‍රකාශ කිරීමත් සමඟ ලිස් ට්‍රස්ට එරෙහි විරෝධතා තවදුරටත් වර්ධනයව ඇත.

එය ගලවා ගැනීමේ මෙහෙයුමක් වශයෙන් සලකා ජ්‍යෙෂ්ඨ කොන්සර්වේටිව්වරු හෙට (17) දිනයේ සාකච්ඡා පවත්වනු ඇත. මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරුන් පිරිසක් කියා සිටින්නේ ලිස් ට්‍රස් ඉල්ලා අස්වීමට අවශ්‍ය බවයි. තවත් සමහරු පවසන්නේ ඇය දැන් කාර්‍යයේ සිටින නමුත් පාලනයකින් තොර බවයි.

ට්‍රස්ගේ කැබිනට් සගයන් ද මේ වන විට ඇයගේ ක්‍රියා කලාපය පිළිබද නොසතුටින් පවතින අතර ඇය දැන් පිටත්වීමේ විවේකාගාරයේ සිටින බවට ඔවුන් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන් ම ට්‍රස් ඉවත් කර සුනක් සහ සෙසු නායකත්ව තරඟකරු පෙනි මෝර්ඩවුන්ට් පත් කරන්නේ කෙසේද සහ කවදාද යන්න සැලසුම් කිරීම සඳහා රිෂි සුනක්ගේ ප්‍රමුඛ ආධාරකරුවන් විසින් කැඳවන ලද රාත්‍රී භෝජන සංග්‍රහයකට හිටපු අමාත්‍යවරුන් 15 ත් 20 ත් අතර අනෙකුත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණ තිබෙන බවටද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා විශ්වාස කරන්නේ සෑම දෙයක්ම වඩා සංකීර්ණ හා දුෂ්කරව ඇති බවයි.

ට්‍රස්ගේ ඉතිරි සගයන් දැන් ඇයව ගොඩ ගැනීමට සටන් කරමින් ඇති අතර ඔවුන් කියා සිටින්නේ ඉල්ලා අස් නොවන ලෙසයි. එයට හේතුව අගමැති ඉවත් කිරීම වෙනුවෙන් විශ්වාස භංයක් පැමිණිය හොත් පක්ෂයේ නීති යටතේ වසරක් යන තෙක් ඇගේ නායකත්වය සුරක්ෂිත වීමයි.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...