සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 08: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ පැවති දීපවාලි උත්සව සැමරුමට එක්ව තිබේ.
නොවැම්බර් 6 වැනිදා ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී පැවති මෙම උත්සවයට ඉන්දීය සම්භවයක් සහිත ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්, රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් රැසක් සහභාගී වී ඇත.
එහිදී ට්‍රම්ප් සාම්ප්‍රදායික පහනක් දල්වා දීපවාලි සැමරුමට එක්වූ අතර, ඉන්දීය ව්‍යවසායක විශාල් ගොන්ඩාල් විසින් හනුමාන් චාලිසා ආගමික ග්‍රන්ථයේ පිටපතක් ද ඔහු වෙත පිළිගන්වා තිබේ.
මේ අතර, දීපවාලි උත්සවය ඉන්දියාව පුරා ද උත්සවශ්‍රීයෙන් සැමරෙන අතර, නිවාස සහ වීදි විදුලි ආලෝකයෙන් හා සාම්ප්‍රදායික පහන්වලින් අලංකාර කර තිබේ. පවුල් එක්වීම, ආගමික වතාවත් සහ රතිඤ්ඤා දැල්වීම මෙහි ප්‍රධාන අංගයන් වේ.
කෙසේ වෙතත්, විශේෂයෙන් නවදිල්ලිය ඇතුළු උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසක පවතින දැඩි වායු දූෂණය හේතුවෙන් මෙවර දීපවාලි සැමරුම් සෞඛ්‍ය අවදානම් පිළිබඳ කනස්සල්ලක් ද මතු කර තිබේ. රතිඤ්ඤා සහ ගිනිකෙළි හේතුවෙන් වායු දූෂණය තවදුරටත් ඉහළ යා හැකි බව සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.

