ගොවිතැන වැනසූ ඇමතිගේ ආසනයෙන්ම පොහොට්ටුව නැගිටින්න හැදීම දෛවයේ සරදමක් – සජිත්

Date:

ගොවිතැන විනාශ කිරීම හරහා මේ වනවිට රට ආහාර අර්බුදයකට පත්ව ඇති බවත්, ගොවියාට යන එන මං අහිමි කළ ඇමතිවරයා නියෝජනය කරන ආසනයෙන් යළි පරාජිත පොහොට්ටු කල්ලිය නැගිටීමට රැස්වීමක් සංවිධානය කර ඇති බවත්, එය දෛවයේ සරදමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සාමාන්‍යයෙන් ජනතාව ජනාධිපතිවරයෙකු පත්කර ගන්නේ රට ගොඩනගන්නට අවශ්‍ය වැඩපිළිවෙලක් සඳහා අනුමැතියක් ලබාදෙමින් බවත්, එහෙත් වත්මන් ජනාධිපතිවරයා පත්කර ගත්තේ පොහොට්ටු මන්ත්‍රීවරුන් බවත්, විපක්ෂ නායකවරයා සිහිපත් කළා.

ඔවුන් එලෙස කළේ, පොරොන්දු තුනක් මත බව සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා. ඒ පිලිස්සුනු තම නිවාස සඳහා වන්දි ලබා ගැනීම, ආරක්ෂාව සලසා දීම සහ වසර හතරකට මැතිවරණ සිතියම හකුලා තැබීම බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ.

අළු ගසාදමා නැගිටින්නට උත්සාහ කරමින් රැස්වීම් සංවිධානය කර ඇති බවත්, අද දවසේ නාවලපිටියේ අදාල රැස්වීම සංවිධානය කර ඇත්තේ සමගි ජන බලවේගය කාර්යාලය පොලීසියෙන් වටකොට සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමෙන් බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී චෝදනා කළා.

තමන්ද නුදුරු දිනකදී නාවලපිටියට පැමිණෙන බව ඔහු මෙහිදී අවධාරණය කළා.

සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් පළ කළේ, ඊයේ (16) පොල්ගහවෙල පැවති සමගි ජන බලවේගයේ ආසන බල මණ්ඩලය අමතමින්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...