අත්අඩංගුවට ගත් නාවලපිටියේ සජබ ආධාරකරුවන් ඇප මත මුදාහැරේ

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නාවලපිටිය නගරයේදී විරෝධතාවක නිරත වී සිටියදී පොලිසිය විසින් අත් අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජීව මහතා ඇතුළු 15 දෙනා ඇප මත මුදාහැර තිබේ.

ඒ, ඊයේ (16) සවස ඔවුන්ව නාවලපිටිය මහේස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. ඔවුන්ව පොලිසිය විසින් මහේස්ත්‍රාත් නිල නිවස කරා රැගෙන ගොස් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබිණි.

එහිදී එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන්ව මුදාහැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට දෙසැම්බර් 13 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් නියෝග කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...