අත්අඩංගුවට ගත් නාවලපිටියේ සජබ ආධාරකරුවන් ඇප මත මුදාහැරේ

Date:

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නාවලපිටිය නගරයේදී විරෝධතාවක නිරත වී සිටියදී පොලිසිය විසින් අත් අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජීව මහතා ඇතුළු 15 දෙනා ඇප මත මුදාහැර තිබේ.

ඒ, ඊයේ (16) සවස ඔවුන්ව නාවලපිටිය මහේස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. ඔවුන්ව පොලිසිය විසින් මහේස්ත්‍රාත් නිල නිවස කරා රැගෙන ගොස් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබිණි.

එහිදී එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන්ව මුදාහැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට දෙසැම්බර් 13 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් නියෝග කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රීමා 18 වන වරටත් අනාගත තරු පිටියට ආලෝකය රැඟෙන එයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: 2025 ප්‍රීමා වයස අවුරුදු...

නැගෙනහිර යුක්රේනයට රුසියානු මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර යුක්රේන නගරයක්...

නමට අනුව ප්‍රසන්නත් නැති,ජයත් නැති අප්‍රසන්න පරාජිත වැඩ

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: පාසල් පැසි පන්දු සංගමයේ...