අපි අහිංසක මිනිස්සුන්ට බදු වැඩි කරලා නෑ. අපි එකතු කරන සියලු බදු මුදල් නැවත ජනතාවට ලැබෙමින් තියෙනවා – ඇමති TB

මෙතෙක් පැවති ආණ්ඩු ව්‍යාපාරිකයින්ට බදු සහන ලබා දුන්නත් වත්මන් ආණ්ඩුව මෙතෙක් බදු නොගෙවූ ව්‍යාපාරිකයින්ගෙන් නිසි පරිදි බදු එකතු කරමින් සිටින බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“සජබෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියනවා අපි බදු වැඩි කළාලු. අපි බදු වැඩි කරලා නෑ අහිංසක මිනිස්සුන්ට. අපි බදු එකතු කරනවා මෙතෙක් බදු දුන්නෙ නැති ව්‍යාපාරිකයින්ගෙන් ක්‍රමවත් ලෙස බදු ටික එකතු කරනවා. ඒගොල්ලො බදු සහන දුන්නා, බදු සහන දුන්නේ ව්‍යාපාරිකයින්ට. ඒගොල්ලො ආණ්ඩු හැදුවේ ව්‍යාපාරිකයින් වෙනුවෙන්. අපි ආණ්ඩු හැදුවේ ඔබ වෙනුවෙන්. ඔබ ආණ්ඩුවක් හැදුවා. මේ ආණ්ඩුව බදුවල එකතු කරන සියලුම බදු මුදල් නැවත ඔබට මෙවැනි ව්‍යාපෘති හරහා ලැබෙමින් තියෙනවා”

නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා මේ බව පැවසුවේ “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන යටතේ හිඟුරක්ගොඩ, සුදුකන්ද ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නිවාස ආධාර ලබාදුන් නිවසක් ඔවුන්ට පවරාදීම වෙනුවෙන් පෙරේදා (08) පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

MoD අනුමැතිය විතරයි නොතිබුණේ – ඩ්‍රෝන සිද්ධිය ගැන නලින් බණ්ඩාරගෙන් කරුණු පැහැදිලි කිරීමක්

සටහන - රුවන් නෙළුගොල්ල කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී රඳවාගත්...

ඉන්ධන සහනය පොදු ප්‍රවාහනයට සහ අත්‍යවශ්‍ය ප්‍රජාවට සීමා කිරීම ගැන අවධානය!

කොළඹ LNW:ඉන්ධන මිල සූත්‍රය, පෞද්ගලික ඉන්ධන සමාගම්වල තරගකාරීත්වය සහ...

මැතිවරණ පරාජයට ට්‍රම්ප් වගකිව යුතු බවට MAGA පාක්ෂිකයන්ගෙන් චෝදනා – ව්‍යාපාරයේ අනාගතය ගැනත් ප්‍රශ්න

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 09: ඇමෙරිකා එක්සත් ජනපදයේ...