පොහොට්ටුවෙන් පනින්න ලෑස්ති මන්ත්‍රීවරුන් බයකිරීමේ මෙහෙයුමක් !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් 40 දෙනෙකු පමණ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වී නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට සූදානමින් සිටින බවට පුවතක් අද (17) උදෑසන ඉංග්‍රීසි පුවත්පතක පළවී තිබිණි.

එසේ නිර්මාණය කෙරෙන නව දේශපාලන බලවේගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් කටයුතු කිරීමේ සූදානමින් සිටින බවත් එම පුවතෙහි සඳහන් විය.

එම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතිද්දී අද දහවල් වනවිට තවත් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබුණේ ඊයේ දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර දුරකථන සංවාදයක් පැවැත්වී ඇති බවත් ඉදිරි මහමැතිවරණය සඳහා සන්ධානගත වීම සම්බන්ධයෙන් ඔවුන් යම් එකඟතාවකට පැමිණ ඇති බවත් ය.

ඒ අනුව, එක්සත් ජාතික පක්ෂය සහ එහි නායකත්වය විවේචනය කරන හෝ එම පක්ෂය අතහැර යන කිසිවෙකුට පොහොට්ටුවේ පාර්ශ්වයෙන් නාමයෝජනා නොදීමටත් පොහොට්ටුව විවේචනය කරන හෝ එම පක්ෂය අත්හැර යන කිසිවෙකුට එජාප පාර්ශ්වයෙන් නාමයෝජනා නොදීමටත් ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා එකඟ වී ඇති බවයි එම පුවතෙහි සඳහන්ව තිබුණේ.

මේ පුවත් දෙක දෙස බැලූ බැල්මටම පෙනී යන්නේ පොහොට්ටුවෙන් ඉවත්ව යාමට සූදානමින් සිටින පිරිස බියවැද්දීම සඳහා දෙවැනි පුවත පළකර ඇති බවකි.

කෙසේවෙතත් පොහොට්ටුව අභ්‍යන්තරයෙහි මේ වනවිට බරපතළ ගැටුම් කිහිපයක්ම උද්ගත වෙමින් පවතින බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...