ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් සහ NPP අතර හමුවක්

0
543

ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටෙපාන්ස් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් අද (17) පස්වරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

මෙම අවස්ථාව සඳහා ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ පර්යේෂණ සහ තොරතුරු නිලධාරි ට්‍රිවාන් අන්නක්කාරගේ මහතා සහ ජාතික ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය යන අය එක්ව සිටියහ.

මේ වන විට රට තුළ පවතින ආර්ථික, සමාජීය හා දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු විය.

MIAP