*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/18

1. රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ‘දැඩි අවධානය’ – රටේ දුප්පත් ජනතාවගේ විඳවීම අවසන් කිරීමට ‘ඉක්මනින් කටයුතු කරීමට’ තමන් අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි – ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පතා මේ වන විට මාස 07 කට වැඩි කාලයක් ගතව ඇති අතර, මේ වනතුරුත් කිසිඳු ආධාරයක් එම අරමුදලෙන් හෝ වෙනත් ද්වී-පාර්ශ්වික මූලාශ්‍රයකින් ලැබී නැත.

2. ඉකුත් අප්‍රේල් 12 වන දින විදේශ ණය පැහැර හැරීම ප්‍රකාශයට පත් කිරීම මත ශ්‍රී ලංකාව ‘D’ (default) ශ්‍රේණිය දක්වා පහත දැමීමට ණය ශ්‍රේණි කටයුතු කර තිබියදීත්, ජනතා මුදල් රජයේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වල ආයෝජනය කිරීමට සේවක අර්ථසාධක අරමුදල දිගින් දිගටම කටයුතු කරමින් සිටින බවත්, මෙවන් ආයෝජන වහා නතර කිරීමට මහ බැංකුව කටයුතු කළ යුතු බවත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ අවධාරණය කරයි.

3. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසේකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අතිවිශාල විශ්‍රාම වැටුපක් ලබන පසුබිමක දැඩි ‘බැඳියා ගැටුමකින්’ (conflict of interest) පසුවන බව උත්තර ලංකා සභාගයේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි – ‘ණය පැහැර හැරීම’ ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම ඊට අදාළ අනුමැතිය ලබා නොගැනීම මත එම තීරණයේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ද ප්‍රශ්න කරයි.

4. ශ්‍රී ලංකාවේ ‘සිවිල් යුද්ධය’ පැවැති සමය පාදක කරගත් අධිස්වභාවික සිදුවීම්දාමයක් ගෙනෙන ෂෙහාන් කරුණාතිලක විසින් රචිත “The seven moons of Maali Almeida” නම් කෘතිය Booker Prize 2022 සම්මානයෙන් පිදුම් ලබයි – බ්‍රිතාන්‍ය රාජකීය අගමෙහෙසිය කැමිලා විසින් සම්මානය ප්‍රදානය කරනු ලබයි.

5. ශ්‍රී ලංකාවේ ‘ණය ප්‍රතිව්‍යූහගත කිරීම’ සම්බන්ධයෙන් චීනයේ මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡාකළ බවත්, ඒ අනුව ණය ප්‍රතිව්‍යූහගත කිරීම සාර්ථක වනු ඇති බවට තමාට විශ්වාස බවත් ජනපති රනිල් වික්‍රමසිංහ පවසයි.

6. ව්‍යාපාරික බදුවල ඉහළයාම මත සමාගම් වැඩි වැඩියෙන් තම ව්‍යාපාර ශ්‍රී ලංකාවෙන් පිටත ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බවට විශ්ලේෂකයහු පෙන්වා දෙති – රජයේ ආදායම පහත වැටී ඇති බවත්, මේ හේතුවෙන් බදු ආදායම ඉහළ දැමිය යුතු බවත් බොහෝ දේශපාලඥයන්, ව්‍යාපාරිකයන් සහ විශ්ලේෂකයන් විසින් 2020 වර්ෂයේ පටන් පෙන්වා දී තිබේ.

7. සංචාරක පැමිණීම්වල මදභාවය හේතුවෙන් සැප්තැම්බරය වන විට අඛණ්ඩව දෙවන මාසයටත් සංචාරක ඉපයීම් පහත වැටෙයි! – සමුච්චිත මාස 09 ක ඉපයීම ඇ.ඩො. මිලියන 946 ක් පමණි.

8. 2022 ගෝලීය සාගිනි දර්ශකය (Global Hunger Index 2022) අනුව රටවල් 121 අතුරින් ශ්‍රී ලංකාව 64 වන ස්ථානයේ! – මීට අදාළව එම දර්ශකයේ ලකුණු 13.6 ශ්‍රී ලංකාව විසින් ලබා ගෙන ඇති අතර, සාගිනි මට්ටම ‘මධ්‍යම’ (moderate) ලෙස සටහන් වෙයි.

9. ඉන්දියාවට එරෙහිව එල්ලවන ඕනෑම ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් ශ්‍රී ලංකාවට එරෙහිව ද එල්ලවන ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සහ “පාත්ෆයින්ඩර්” පදනමේ (Pathfinder Foundation) නිරමාතෘ මිලින්ද මොරගොඩ පවසයි – ලෝකයේ උපායමාර්ගික මර්මස්ථානයක් වන ශ්‍රී ලංකාව ඉන්දියාව ද සමඟ ජපානය, ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල ත්‍රෛපාර්ශ්වික සහයෝගය ලබා ගැනීමට ඇති අවස්ථා පිළිබඳව සොයමින් සිටින බව ද සඳහන් කරයි.

10. 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 40 කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 15 කින් ද පහතට – 92 පෙට්‍රල් ලීටරයක නව මිල රු. 370; ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රු. 415.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan