සටහන – රුවන් නෙළුගොල්ල
මීටපෙර පෞද්ගලික සමාගම් වෙතින් පළාත් පාලන ආයතනවලට සහ රජයේ සේවකයින්ට වර්ෂ අවසානයේ ලබාදුන් තෑගි පාර්සල් වත්මන් පාලනය යටතේත් ලබාදෙන්නැයි ඉල්ලමින් කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් කළ ප්‍රකාශය තරයේ හෙළාදකින බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කරයි.
“මම ඉස්සෙල්ලාම කියන්න ඕනෙ ඒ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් කරපු ප්‍රකාශය අපි සම්පූර්ණ හෙළාදකිනවා. ජනතා විමුක්ති පෙරමුණවත් ජාතික ජන බලවේගයවත් අපේ පාක්ෂිකයෙක්වත් හිතවතෙක්වත් ඒක පිළිගත යුතු ප්‍රකාශයක් නෙවෙයි. මං කියන්නෙ ඒක පුද්ගලිකවත් කළයුතු ප්‍රකාශයක් නෙවෙයි. ඒක මොළේ මොකක් හරි අසනීපයක් නිසා කියන කතාවක්. අපි නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරනවා කියන්නෙ මොකක්ද ? පළවෙනියෙන්ම නීතිය අපට අදාළයි. අපි කියනවා නම් වක්රමව හරි දැන් මේ කලින් ආණ්ඩුවලට ගෙනාපු හැම්පර්ස්, පහසුකම්, තෑගි බෝග අපටත් දෙන්න කියලා ඒක අල්ලස් ඉල්ලීමක්. ඒකට අනිවාර්යයෙන්ම පක්ෂය හැටියට අපි විනය ක්‍රියාමාර්ග ගන්නවා. පක්ෂ මට්ටමින් අපි යෝජනාත් කරලා තියෙනවා. එහෙම ප්‍රකාශ මීට පස්සේ අඩු තරමේ ප්‍රසිද්ධියේ නෙවෙයි අප්රසිද්ධියේවත් අපේ කවුරුවත් කියන්න ඕනෙත් නෑ, පිළිගන්න ඕනෙත් නෑ, ජනතාව ඒවා අනුමත කරන්න ඕනෙත් නෑ. නීත්‍යානුකූලවම ක්‍රියාමාර්ග ගන්න ඕනෙ ඒවාට. මම කියන්නෙ ඒකයි. මොකද මේ රටේ නීතිය කාටත් එකයි. මහජන වරමක් කියන්නෙ ජනතාවට උඩින් ඉඳගෙන පහසුකම් භුක්ති විඳින එකක් නෙවෙයි. නීතිය විතරක් නෙවෙයි පක්ෂ විනයත් තියෙනවා. ලංකාවේ පක්ෂ විනයක් සහිතව දේශපාලනය කරන, පක්ෂයට වගකියන, අපේ සාමාජිකයාට වගකියන, ජනතාවට වගකියන, දේශපාලනයක් අපි කරන්නෙ.
එයා කියන්න ඕනෙ ඒක නෙවෙයි. මම හිතන විදියට, මම මේ ප්‍රසිද්ධියේ කියන්නෙ, තමන් අතින් වෙච්ච වරද – එයා ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉස්සරහා කියලා තියෙන්නෙ – ප්‍රසිද්ධියේ ඒක නිවැරදි කරන්න ඕනෙ ඉස්සෙල්ලාම. තමන් මොන මානසිකත්වයක් නිසා හරි එහෙම කිව්වා නම් ඒක නිවැරදි කරන්න ඕනෙ. එයාට පුළුවන් ඊටපස්සෙ අනිත් අයට චෝදනා ඉදිරිපත් කරන්න, ඒක වෙනම එකක්. අනික මේ මට කියන්න පුළුවන්ද මම දැන් ඇමතිවරයෙක්, මගේ ජීවිත කාලේ මම දැන් සැප විඳින්න තියෙන්නෙ, මොන විකාර කතාද ? අපි එහෙම මිනිස්සු නෙවෙයි. එහෙම නැතිව මේ ඕනෙ තරම් කැපකිරීම් කරන පක්ෂ සාමාජිකයෝ ඉන්නවා, මන්ත්‍රීවරු ඉන්නවා, අපේ එන්පීපී එකත් එක්ක එකතුවෙච්ච වෘත්තිකයෝ ඉන්නවා රස්සාව පැත්තකින් තියලා. බලය විසින් මිනිස්සු පිරිහීමට පත්කරනවා තනි තනිව ගත්තොත්. හැබැයි අපි හිතනවා සංවිධානාත්මකව යම් ව්‍යාපාරයක් හැටියට අපට ඒක අයිති නෑ. අපිට එහෙම කරනවා නම්, ඔබ දන්නවා අපේ ඉතිහාසයේ නායකයො ඉඳලා තියෙනවා පිරිහිච්ච අය, අපි නායකයොද කියලා බලන්නැතිව එළියට දාලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි වැඩකරනකොට මේ රටේ මිනිස්සු දන්නවා ඕනෙ තරම් අපිට ඒගොල්ලොන්ගෙ තිබිච්ච පුද්ගලික වටිනාකම් අනුව, දක්ෂතා අනුව, ජනප්‍රියත්වය අනුව තියාගන්න තිබ්බා. එහෙම තියාගන්නෙ නැතිව ඕනෙ තරම් මිනිස්සු මේකෙන් එළියට ගිහිල්ලා තියෙනවා. එළියට යවලා තියෙනවා.
මම කියන්නෙ ඒ රන්ජන් ජයලාල් කරපු මුග්ධ ප්‍රකාශය අනිත් හැමෝටමත් ආදර්ශයක් කරගන්න ඕනෙ, මොකද හැදෙනවා නම් හැදෙන්න. ඒක හින්දා පක්ෂයක් හැටියට නම් මගේ ස්ථාවරය, අපේ පක්ෂයේ ස්ථාවරයත් ඒක කියලා මම විශ්වාස කරනවා, අනිවාර්යයෙන් පක්ෂය හැටියට විනය ක්‍රියාමාර්ග ගන්න ඕනෙ. ඒ වගේම ඔහු පුද්ගලිකව ඒ කරපු ප්‍රකාශය වැරදියි කියලා ප්‍රසිද්ධියේ පිළිගන්නත් ඕනෙ”
සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකදී ය.
සබැඳි පුවත් –


