ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි පුද්ගලයින් 8 දෙනෙකු අද (19) දිනයේදී ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා ප්‍රකාශ කළේය.
එම පිරිස නිදහස් කිරීම සම්බන්ධයෙන් තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ස්තූතිය පුද කරන බවයි නිර්මලනාදන් මහතා සඳහන් කළේ.
චාල්ස් නිර්මලනාදන් මහතා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.
RN