වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයට නව මුළුතැන්ගෙයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW:

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ නව මුළුතැන්ගෙය විවෘත කිරීම සහ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම අද (17) පෙරවරුවේ සිදු විය.

  • මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මැතිනිය සහ වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මහතා ප්‍රධානත්වයෙන් සහභාගී විය.
  • මෙරට බන්ධනාගාරයක් තුළ කාන්තා අංශයක රැඳවූවන්ගේ සහ කුඩා දරුවන්ගේ ආහාර හා පෝෂණය සුරක්ෂිත කිරීමේ අරමුණින් ඉදි කරන ලද පළමු මුළුතැන්ගෙය මෙය වේ. මෙහි මව්වරුන් සමඟ කුඩා දරුවන් 36 දෙනෙකු රැඳී සිටින අතර, ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට මෙයින් හැකියාව ලැබේ.
  • බන්ධනාගාර නිරීක්ෂණ කමිටුවේ සාමාජික, පෑම් හයිඩ්‍රෝ පවර් සමාගමේ සභාපති මනෝජි වඩුගොඩපිටිය මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් මෙම මුළුතැන්ගෙය සහ බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කර ඇත. මීට අමතරව, කාන්තා රැඳවූවන් වෙනුවෙන් නවීකරණය කරන ලද වැසිකිළි සහ නානකාමර 12ක් සහ විදුලි පංකා ද අලුතින් සවි කර තිබේ.
  • නියෝජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශය:
  • රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීම තුන් ගුණයකින් ඉහළ නැංවීමෙන් සහ වේගවත් අධිකරණ ක්‍රියාවලියක් මඟින් රිමාන්ඩ් භාරයේ සිටින රැඳවූවන්ගේ නඩු කටයුතු ඉක්මන් කිරීමට රජය පියවර ගෙන ඇති බවත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වීමට වැඩි අවස්ථා සලසා ඇති බවත් ඇය සඳහන් කළා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාෆ්ස් ගෑස් මිල අඩුකරයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

මිලියන 5ක TikTok රසිකයන් පිරිසක් ඉන්න Spud Bros මුණගැහෙන්න ගිය චාල්ස් රජු; කැමතිම Add-ons ටිකත් හෙළි කරයි!

සටහන – පුලීනොවැම්බර් 17, LNW (කොළඹ): එංගලන්තයේ තුන්වන චාල්ස්...

සජබ වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින්...

ට්‍රම්ප් පිලිපීනයේදී මෝදි ඇතුළු ලෝක නායකයන් හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 17: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...