රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW:
ඉන්දියාව 2026 දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ (South Asian Football Championship) ශූරයන් ලෙස කිරුළ දිනා ගෙන තිබේ.
මෙය ඉන්දියාව මෙම කුසලානය දිනාගත් 10 වැනි අවස්ථාවයි.
බංග්ලාදේශයේ Dhaka හි Bangabandhu ජාතික ක්රීඩාංගණයේදී ඊයේ (17) රාත්රියේ පැවති අවසන් මහා තරගයේදී පාකිස්තානය ලකුණු 2-1ක් ලෙස පරාජය කරමින් ඉන්දියාව මෙම ජයග්රහණය වාර්තා කළේය.
දකුණු ආසියානු පාපන්දු සම්මේලනය (SAFF) විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය එහි 15 වැනි සංස්කරණයයි. කණ්ඩායම් 6කගේ සහභාගීත්වයෙන් පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ඉන්දියාව සහ පාකිස්තානය සුදුසුකම් ලැබීය.
තරගය ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම ආක්රමණශීලී ක්රීඩා විලාසයක් පෙන්නුම් කළ නමුත්, ලකුණු සටහන මුලින්ම ක්රියාත්මක කිරීමට පාකිස්තානය සමත් විය. පළමු අර්ධයේ අමතර කාලය තුළ ගෝලයක් වාර්තා කළ පාකිස්තානය 1-0ක් ලෙස පෙරමුණ ගනිමින් විවේකයට ගියේය.
කෙසේ වෙතත්, දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 15ක් ගත වන විට ගෝලයක් වාර්තා කරමින් ඉන්දියාව ලකුණු තත්ත්වය 1-1ක් ලෙස සම කළේය. නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම 1-1ක් ලෙස සමව සිටියහ.
අනතුරුව දෙවන අර්ධයේ අමතර කාලය තුළ සිය දෙවන ගෝලය වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. ඒ අනුව, තරගය 2-1ක ජයග්රහණයක් සමඟින් නිමා කළ ඉන්දියාව, තම 10 වැනි දකුණු ආසියානු පාපන්දු ශූරතා කිරුළ මෙලෙස සුරක්ෂිත කර ගත්තේය.


