දින 15ට සංචාරකයින් ලක්ෂ ඉක්මයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:නොවැම්බර් මාසයේ පළමු දින 15 තුළ විදෙස් සංචාරකයින් 102,469 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එහි නවතම සංඛ්‍යා ලේඛන අනුව එම කාලසීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 31,185ක් ලෙස දැක්වෙයි.

එය සමස්ත සංචාරක පැමිණීම්වලින් 30%කට ආසන්න ප්‍රතිශතයක් වන අතර දෙවන ස්ථානය රුසියාවට හිමිව තිබේ. ඒ අනුව රුසියාවෙන් සංචාරකයින් 9,772 දෙනෙකු පැමිණ තිබේ.

එක්සත් රාජධානියෙන් 6,898 දෙනෙකු, ජර්මනියෙන් 6,574 දෙනෙකු සහ චීනයෙන් 5,147 දෙනෙකු එම කාලය තුළ මෙරටට පැමිණ ඇත.

ඒ අනුව, 2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,964,773ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම කාලය තුළ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එය 530,810 ක් ලෙස දැක්වෙයි.

දෙවන ස්ථානය එක්සත් රාජධානියට හිමිව ඇති අතර, එරටින් සංචාරකයින් 180,027 දෙනෙකු පැමිණ ඇත.

චීනයෙන් 128,887 දෙනෙකු සහ ජර්මනියෙන් 111,879 දෙනෙකු පැමිණ ඇති අතර, පස්වන ස්ථානය හිමිව ඇත්තේ ඕස්ට්‍රේලියාවටයි. එරටින් සංචාරකයින් 100,030 දෙනෙකු පැමිණි තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ ජය ඉන්දියාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: ඉන්දියාව 2026 දකුණු ආසියානු...

රටේ වැඩි වැඩියෙන් ඉංජිනේරුවන් බිහි කර ඉංජිනේරු වෘත්තිය ආරක්ෂා කර බුද්ධිගලනය අවම කළ යුතුයි – විපක්ෂ නායක

නොවැම්බර් 18, කොළඹ LNW: රටේ ආර්ථික වර්ධනයට සංවර්ධනයට වේගවත් දියුණුවක්...

පියාගේ ජන්ම දිනය වෙනුවෙන් වූ නාමල්ගේ සුබ පැතුම!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද...

රට තුළ මත්ස්‍ය අස්වනු වැඩි කිරීමට පියවර!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: ගැඹුරු මුහුදු මත්ස්‍ය අස්වැන්න...