මෙන්ඩිස් සමාගමෙන් අල්ලස් ගත් හිටපු නි. සුරාබදු කොමසාරිස්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

කළුතර සහ අලුත්ගම සුරාබදු අධිකාරී ලෙස කටයුතු කරමින් සිටියදී මෙන්ඩිස් අරක්කු සමාගමෙන් රුපියල් ලක්ෂ 210 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් චන්න ජයනාත් අල්විස් වීරක්කොඩිගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගියදා (17) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙසේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සැකකරු ලබන 01 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු 2015 සහ 2016 වර්ෂවලදී චෙක්පත් පහළොවක් මගින් අදාල අල්ලස් මුදල් ලබාගෙන ඇති බවත් මෙන්ඩිස් සමාගම නීත්‍යානුකූලව රජයට ගෙවිය යුතු බදු මුදල් අඩු කර පෙන්වීම සඳහා මෙම අල්ලස් මුදල් ලබාගෙන ඇති බවත් ය. මහබැංකු බැඳුම්කර වංචාවට අදාළව පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ගිණුම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂා කිරීමේදී එම සමාගමට අනුබද්ධ මෙන්ඩිස් සමාගම මගින් අදාල චෙක් පත් හිටපු සුරාබදු කොමසාරිස්වරයාට ලබා දී ඇති බවට කරුණු අනාවරණය වීමෙන් පසුව එම දෙපාර්තමේන්තුව විසින් 2025දී අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවත් , මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකරු ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරීන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලා සිටියේ සැකකරුගේ දියණිය දැඩි රෝගී තත්ත්වයෙන් පසුවන බැවින් හා සැකකරුට විමර්ශන සඳහා බලපෑම් කළ නොහැකි බැවින් ඒවා සුවිශේෂී කරුණු ලෙස සලකා ඇප ලබාදෙන ලෙසයි.

දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ පවුලේ සමීප ඥාතීන්ගෙන් හා මෙන්ඩිස් සමාගමේ හිටපු බලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සහ තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර සැකකරු ලබන 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව යුගයක විවෘත ලෝකයක් සොයා යන GTA VI

නව යුගයක විවෘත ලෝකයක් සොයා යන GTA VI

ඇමෙරිකානු සාම බලකායේ ස්වේච්ඡා සේවකයෝ 34ක් දිවයිනට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ශක්තිමත්...

ඇමරිකාවේ තාක්ෂණික බිඳවැටීම: Leave the World Behind යථාර්ථයක් වෙනගමන් ද?

ඇමරිකාවේ තාක්ෂණික බිඳවැටීම: Leave the World Behind යතාර්ථයක් වෙනගමන් ද?