විදේශ කටයුතු ඇමතිත් දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයාත් අතර සාකච්ඡාවක්!

Date:

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා 2022 ඔක්තෝබර් 19 වැනි දින විදේශ කටයුතු අමාත්‍යංශයේ දී දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මැතිතුමා හමුවිය.

කාම්බෝජයේ පැවති 29 වැනි ආසියාන් කලාපීය සංසදයට (ARF) සමගාමීව 2022 අගෝස්තු 04 වැනි දින රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා සමඟ පැවැත්වූ හමුව සහ වත්මන් ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා රජය දරන ප්‍රයත්නවලට සහය වීම සඳහා මෑත කාලීනව එක්සත් ජනපදය ශ්‍රී ලංකාව තුළ සිදු කළ  ඉහළ මට්ටමේ සංචාර කිහිපයක් පිළිබඳව සඳහන් කළ විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා, එම අභියෝග ජයගැනීම සඳහා එක්සත් ජනපදය අඛණ්ඩව මෙරටට පිරිනමන සහය සිය පැසසුමට ලක් කළේ ය.

විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා සහ තානාපති ලූ මැතිතුමා, මෙරට මෑත කාලීන ප්‍රගතිය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන්  වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා ඇතුළුව එක්සත් ජනපද-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතාවල බහුවිධ අංශ පිළිබඳව සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මැතිනිය සහ කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද තානාපති ලූ මැතිතුමා සමඟ මෙම අවස්ථාවට සහභාගී වූහ. එමෙන්ම, විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ මෙම අවස්ථාවට සහභාගී වූහ.

තානාපති ලූ මැතිතුමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ආරක්ෂක ලේකම් ජනරාල් (විශ්‍රාමික)  කමල් ගුණරත්න මහතා ද හමුවිය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2022 ඔක්තෝබර් 20 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාන්තාවන්ට දොර ඇරෙන දුම්රියේ තනතුරු!

කොළඹ LNW:ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක් සඳහා කාන්තා...

මහරගම – පිලියන්දල ජනතාවට සතුටුදායක පුවතක්!

මහරගම පිළියන්දල මාර්ගයේ කිලෝමීටර් 2+000 සිට කිලෝමීටර් 3+700 දක්වා...

21 රැළියෙන් එක එක හැලෙයි! රනිල් එන්නෙත් නැහැ!

කොළඹ LNW:විපක්ෂය එකාබද්ධව පැවැත්වීමට සූදානම් කර තිබෙන මහජන රැළියට...