NASDAQ 2026 ලාභ සියල්ල මකා දමයි ; ට්‍රිලියන ගණනක් අහිමි වේ

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 21 :
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වෙනුවෙන් සිදුකරන දැවැන්ත ආයෝජනවලින් අපේක්ෂිත ප්‍රතිලාභ ලැබේද යන්න පිළිබඳ ආයෝජකයන් තුළ මතුව ඇති සැකසංකා හේතුවෙන් ඇමෙරිකාවේ NASDAQ කොටස් වෙළෙඳපොළ මේ වසරේ මෙතෙක් ලබාගෙන තිබූ සියලු වර්ධනය අහිමි කරගෙන තිබේ.

NASDAQ (National Association of Securities Dealers Automated Quotations) යනු ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි ලෝක ප්‍රකට කොටස් වෙළෙඳපොළක් සහ කොටස් වෙළෙඳපොළ දර්ශක කිහිපයක් වන අතර කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා සමාගම් විසින් අතිවිශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කිරීමේ ප්‍රතිලාභ පිළිබඳව ආයෝජකයන් ප්‍රශ්න කිරීමත් සමඟ AI ආශ්‍රිත සමාගම්වල කොටස් මිල පහත වැටීම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

ලෝකයේ ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් රැසක් මෙහි ලැයිස්තුගත වී ඇති අතර ලැයිස්තුගත සමාගම් 3,000කට අධික සංඛ්‍යාවක කොටස් නිරීක්ෂණය කරයි. AI තාක්ෂණය සඳහා යටිතල පහසුකම්, දත්ත මධ්‍යස්ථාන, පරිගණක චිප් සහ බලශක්ති සැපයුම් වෙනුවෙන් සමාගම් විශාල වශයෙන් මුදල් වැය කරමින් සිටියද, එම ආයෝජනවලින් අපේක්ෂිත ආදායම සහ ලාභය කෙතරම් ඉක්මනින් ලබාගත හැකිද යන්න පිළිබඳව වෙළෙඳපොළ තුළ ප්‍රශ්න මතුවීමත් සමඟ Nasdaq වෙළෙඳපොළේ සමාගම්වල සමස්ත වෙළෙඳපොළ වටිනාකමෙන් ඩොලර් ට්‍රිලියන ගණනක වටිනාකමක් අහිමි වී ඇත.

කෘත්‍රිම බුද්ධිය ලෝක ආර්ථිකයේ දැවැන්ත පරිවර්තනයක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කළද, ඒ වෙනුවෙන් සිදුකරන අතිවිශාල ආයෝජනවල මූල්‍ය ප්‍රතිලාභ පිළිබඳව ආයෝජකයන් දැන් වඩාත් විමසිල්ලෙන් පසුවන බව මෙම වෙළෙඳපොළ පසුබෑමෙන් පැහැදිලි වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිඳවැටෙන ඩිජිටල් ලෝකය..

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: බැංකු කටයුතු, ගුවන් ගමන්...

ශ්‍රී ලංකාව සහ තායිලන්ත සහයෝගීතාවය !

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: නිල සංචාරයක් සඳහා...

OCA ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ...

“US FBI නිලධාරීන්” ශ්‍රී ලංකා පොලිසියේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන...