සටහන – පුලී
නොවැම්බර් 21, LNW (කොළඹ): චීන ජනාධිපති ෂී ජින්පින්ගේ කතාවට සවන් දෙමින් සිටි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තත්පර 10ක පමණ කාලයක් ඇස් පියාගෙන සිටීම මේ වන විට ජාත්‍යන්තර දේශපාලන වේදිකාවේ අලුත්ම කතාබහක් බවට පත්ව තිබේ. චීනයේ පැවැති ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළුව අතරතුර සිදුවූ මෙම සිදුවීමේදී ට්‍රම්ප්ගේ හිසද සෙමින් පහළට නැමී තිබූ අතර, දෑත් සුපුරුදු පරිදි එකට බැඳගෙන සිටියේය.
සිදුවීමේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත එක්වීමත් සමඟ ඇතැමුන් ප්‍රශ්න කළේ ෂී ජින්පින්ගේ කතාව ට්‍රම්ප්ට එතරම්ම නින්ද යන තරම් රසවත් වූයේද යන්නයි. ට්‍රම්ප් විවේචකයන් පමණක් නොව, රිපබ්ලිකන් විරෝධී කණ්ඩායම් සහ කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම්ගේ මාධ්‍ය කාර්යාලයද මේ සිදුවීම පිළිබඳව උපහාසාත්මක අදහස් පළ කර තිබිණි.
කෙසේ වෙතත්, ධවල මන්දිරය නම් මෙම නින්දේ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ධවල මන්දිර සන්නිවේදන අධ්යක්ෂ ස්ටීවන් චියුන්ග් පවසා ඇත්තේ ජනාධිපතිවරයා නිදාගෙන නොසිටි බවත්, ඉදිරියේ තිබූ ලේඛන කිහිපයක් කියවමින් සිටි බවත්ය. ඔහුට අනුව ට්‍රම්ප්ගේ ඇස් එහා මෙහා ගමන් කර තිබෙන්නේ නින්දේ සිහින දැකීමට නොව, ලේඛන කියවීමටය.
ඒ අනුව ලෝක නායකයන්ගේ හමුවේදී සිදුවූයේ රාජ්‍ය තාන්ත්‍රික නින්දක්ද, නැතිනම් ලේඛන පරීක්ෂා කිරීමක්ද යන්න තවමත් නොවිසඳුණු ප්රශ්නයකි. හැබැයි තත්පර දහයකට ඇස් පියාගත්තත්, ඒ ගැන ලෝකයම අවදි වී සිටීම නම් ට්‍රම්ප්ට අලුත් අත්දැකීමක් නොවනු ඇත!

