ඉන්දුනීසියාවේ සිරප් ඖෂධ හේතුවෙන් වාර්තාගත මරණ සංඛ්‍යාව 99 දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ ළමුන් 100 කට ආසන්න සංඛ්‍යාවක් මිය යාමත් සමඟ රට තුළ සියලුම සිරප් වර්ග හා දියර ඖෂධ අළෙවිය තහනම් කර ඇති බව වාර්තා වේ.

ඉන්දුනීසියාවේ රජයේ නිල වාර්තාවන්ට අනුව සිරප් වර්ග හේතුවෙන් දරුවන් 99 දෙනෙකකු මිය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ වලින් අනාවරණයව ඇත්තේ දරුවන් විසින් පානය කරන ලද දියරමය ඹෟෂධ හා සිරප් වල වකුගඩු ආබාධවලට සම්බන්ධ ඇතැම් සංඝටක අඩංගු බවයි. මේ හේතුවෙන් රට තුළ සිරප් භාවිතය නතර කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

මෙම ඹෟෂධ ආනයනය කළේද නැතිනම් දේශීයව නිෂ්පාදනය කළ ඒවාද යන්න පැහැදිලි නැත. ඉන්දුනීසියානු සෞඛ්‍ය නිලධාරීන් වාර්තා කර තිබුණේ ළමුන් තුළ උග්‍ර වකුගඩු ආබාධය සහිත රෝගීන් 200 ක් පමණ වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු පහට අඩු අය බවයි.

මෙම මස මුලදී, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ගැම්බියාවේ ළමුන් 70 කට ආසන්න සංඛ්‍යාවක් මියයාමට සම්බන්ධ ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සිරප් හතරක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවූ අතර මේ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වූයේ ඉන්දියානු ඖෂධ සමාගමක් විසින් සාදන ලද සිරප් වල ඩයිඑතිලීන් ග්ලයිකෝල් සහ එතිලීන් ග්ලයිකෝල් පිළිගත නොහැකි ප්‍රමාණ වලින් අඩංගු බවයි. මේ සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා අද දවසේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ දේශීයව භාවිතා කරන සමහර ඖෂධවල ද එම රසායනික සංයෝග හමු වූ බවයි.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...