රනිල් ආර්ථිකය ගොඩ අරන් දුවවන්න හදපු අශ්වයා 2027 වෙනකල් ගමන් කරනවා. එතනින් එහාට සංචිත ප්‍රශ්නයක් – බන්දුල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය ගොඩගෙන ධාවනය කරවීම සඳහා යොදාගත් වැඩපිළිවෙලම 2027 වසර දක්වාත් ගමන් කරන නමුත් ඉන් ඉදිරියට යාම සඳහා අවශ්‍ය විදේශ සංචිතවල හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

“ආර්ථික විශ්ලේෂකයකු සහ ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රාමාණිකයකු හැටියට රට බරපතළ අර්බුදයකට මුහුණ දෙන බව තමයි මට හැඟන්නෙ. හිටපු ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක විස්තීර්ණ වැඩසටහනකට ඇතුළු වෙලා ගිවිසුමක් අත්සන් කරගෙන මේ මාස 48ක් ගමන් කරන්නෙ ඒ සහයෝගයත් එක්ක. මේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ආර්ථිකය ගොඩ අරන් දුවවන්න හදපු අශ්වයා තවම 2027 අවුරුද්ද වෙනකල් ගමන් කරනවා. ජොකියා පමණක් මාරුවෙලා. ඉස්සර ජොකියාට හිටියේ රනිල් වික්‍රමසිංහ, දැන් ජොකියා බවට පත්වුණේ අනුර කුමාර දිසානායක මැතිතුමා. 2027න් පසු මේ විස්තීරණ ණය ගිවිසුම අහෝසි වෙනවා. ඒ වගේම මෙතක් නොගෙවපු ද්විපාර්ශ්වික ණය සහ වාණිජ ණය ගෙවීම 2028 වසරේ සිට ආරම්භ කරන්න වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් කරපු ගිවිසුම අනුව බලද්දී 2027 වසරේ විදේශ සම්පත් පරතරය එනවා ඇමරිකානු ඩොලර් මිලියන 3911ක්. මේ පතරය පියවන්න, මේ ගිවිසුමේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ලැබෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 329ක්. මේ හදපු අයවැය ලේඛනයෙන් සකස් කරන්නෙ ඩොලර් මිලියන 600යි. අනිත් ව්‍යාපෘති කරන්න ලෝක බැංකුවෙන් 300යි, ආසියානු සංවර්ධන බැංකුවෙන් 300යි. ණය ගෙවන්නෙ නැති නිසා එළියට යන්නෙ නැතිව රට ඇතුළෙ ඉතුරු වෙච්ච ඩොලර් මිලියන 1482ක් තියෙනවා. මේ ටික එකතු කළාම 3011 යි. 2027 වසරේ විදේශ සම්පත් පරතරය පියවාගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 900ක් මදි වෙන බව තමයි මූල්‍ය අරමුදලේ මේ ගිවිසුමේ සඳහන් වෙලා තියෙන්නෙ. ඒ සඳහා උපායකුත් මේ ගිවිසුමේ තිබෙනවා. ඒ උපාය තමයි අපිට ඩොලර් බිලියන 1.5ක ස්වෛරීත්ව බැඳුම්කර (ISB) නිකුත් කරන්න ජාත්‍යන්තර වෙළඳපොලට යන්න ඉඩ තියෙනවා. නමුත් මගේ දැනුම අනුව නම් අපිට දැනට එවැනි ණයක් ගන්න බෑ. අපිට ජාත්යන්තර මූල්ය වෙළඳපොලෙන් එවැනි ණයක් ගන්න නම් අප සතු විදේශ සංචිතය ඩොලර් බිලියන 9.27ක් වෙන්න ඕනෙ මේ වර්ෂයේ. ලබන වර්ෂයේ එය ඩොලර් බිලියන 12.97ක් දක්වා වර්ධනය වෙන්න ඕනෙ”

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොසිල ඉන්ධන අර්බුදයෙන් COP31 දේශගුණික සමුළුවේ සාකච්ඡා අඩාල වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 : පොසිල ඉන්ධන...

අයවැයට එරෙහිව වෘත්තීය සමිති රැසක එකමුතුවෙන් ජාතික විරෝධතා දිනයක්

සටහන - රුවන් නෙළුගොල්ල 2027 අයවැයෙන් තම ගැටලුවලට විසඳුම් ලබාදීමට...

ගැටුමක් සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: යාපනය විශ්වවිද්‍යාලයේ ඇති වූ...