සජිත් සහ ශිෂ්ඨත්වයේ කොටුව ….

අනුර ජනාධිපතිතුමා එක තැනක කියනවා ‘ශිෂ්ඨත්වයේ කොටුව ඇතුලේ ඉඳගෙන අපිව විවේචනය කරන්න’ කියල. එයින් අදහස් කරන්නේ දේශපාලන ව්‍යපාරයක් හැටියට එයාල ඉන්නේ ශිෂ්ඨත්වයේ සංකේතනයට යටත්ව නිසා අනික් අයටත් එහෙම වෙන්න කියන එක වෙන්න ඕනි.

නමුත් එයාලගේ ඇතැම් පාර්ශවකරුවන්, එයාල වෙනුවෙන් පෙනී සිටින සහයෝගය දක්වන්නන්, යූටියුබ්කරුවන් සහ එයාල වෙනුවෙන් අනික් අයව විවේචනය කරන්නන් ඒ කියන ‘ශිෂ්ඨත්ව කොටුවේ’ ඉන්නවද කියන එක බරපතල ගැටළුවක් සහ අනුර විසින් එයාල ශිෂ්ට කිරීම වෙනුවෙන් මොකක්ද කරමින් ඉන්නේ කියන එකත් ගැටළුවක්.

ශිෂ්ඨත්ව කොටුව කෙසේ වෙතත් එයාල ඉන්නේ සිස්සත්ව කොටුවේ වෙන්න ඕනි. මම කිව්වේ පහේ සිස්සත්තේ ගැන.

අනුර මේ ‘ශිෂ්ඨත්වයේ කොටුව’ නැත්නම් රාමුව ගැන කියන්නත් කලින්ම ඉඳන් තමන්ගේම ශිෂ්ඨත්ව කොටුවක් සලකුණු කරගත්ත කෙනෙක් තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ.

එයා පාර්ලිමේන්තුවේ වේවා ඉන් පිටත වේවා කොතන කතා කලත් එයා එයාගෙම භාෂා සීමාවක ඉඳගෙන තමයි එයාගේ කතාව කියන්නේ. කොතන ආණ්ඩුව විවේචනය කලත් මොන මට්ටමේ සංවේදී මාතෘකාවක් වුනත් ඒ ඔස්සේ ජනතාව අවුස්සන්න ඊට ඔබ්බෙන් යන භාෂාවක් පාවිච්චි කරන්න හැකි උනත් එයා එහෙම කරන්නේ නැතුව පුළුවන් තරම් අර ශිෂ්ඨ කොටුව ඇතුලේ ඉන්න හදනවා. ඒක ඇතැම් තැන්වලදී එයාට දේශපාලනිකව පාඩුයි. ඒත් ලාභ ලබන්න කියල අර එයාගේ සීමාවෙන් එළියට යන්නේ නැහැ.

නිකම් හිතන්න අච්චුනා රාමනාදන් නැත්නම් චාමර සම්පත් කියන දෙන්න ගැන. මම හිතන්නේ එයාලට වෙනමම ෆෑන් බේස් එකක් ඉන්නවා දිනපතා පාර්ලිමේන්තු කතා අහන්න. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය බලාන ඉන්නේ එයාල කට අරිනකල්. එයාල කතා කරනකොට අනේ පලයං බං, ඉඳගනින් බං…පාපිස්සෝ වගේ භාෂාවක් වෙත යනවා. සමහර විට ඒක අනුර කියන කොටුවෙන් එළියේ ඇත්තේ.

ආණ්ඩුවේ බොරු කයිවාරු, මර්ධන පණත් සහ බඩුමිල වගේ මාතෘකා එද්දී අපි උනත් ආසයි ලංකාවේ විපක්ෂ නායකයා මිට වඩා ප්‍රහාරක භාෂාවක් පාවිච්චි කරනවා නම්. හැබැයි ලංකාවේ කොයි අස්සක් මුල්ලක කතා කලත් අඩුම තරමේ ටෙලිෆෝන් කෝල් එකකදී වත් සජිත් එයාගේ එයාම පනවාගත්ත භාෂා සීමාවෙන් එළියට යන්නේ නැහැ. ඒක එයා සංස්කෘතික වෙච්ච විදිය වෙන්න ඇති. එයා ඒක ජනප්‍රියත්වය වෙනුවෙන් පාවල දෙන්නේ නැහැ.

මම කියන්නේ අපිට ඕනි එහෙම අය කියල.

~ මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොසිල ඉන්ධන අර්බුදයෙන් COP31 දේශගුණික සමුළුවේ සාකච්ඡා අඩාල වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 : පොසිල ඉන්ධන...

රනිල් ආර්ථිකය ගොඩ අරන් දුවවන්න හදපු අශ්වයා 2027 වෙනකල් ගමන් කරනවා. එතනින් එහාට සංචිත ප්‍රශ්නයක් – බන්දුල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය ගොඩගෙන ධාවනය කරවීම...

අයවැයට එරෙහිව වෘත්තීය සමිති රැසක එකමුතුවෙන් ජාතික විරෝධතා දිනයක්

සටහන - රුවන් නෙළුගොල්ල 2027 අයවැයෙන් තම ගැටලුවලට විසඳුම් ලබාදීමට...

ගැටුමක් සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: යාපනය විශ්වවිද්‍යාලයේ ඇති වූ...