විශිෂ්ඨ ජයක් : වසර 35කට පසුව කොලොන්නේ බලයත් සමගි ජන බලවේගයට !

Date:

රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න කෝරළේ විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ.

එම සමූපකාර සමිතියේ නිලවරණය ඊයේ (21) දිනයේදී පැවැත්වී තිබුණු අතර එහි සභික ධුර 119න් 115ක්ම ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගයට හැකිවී ඇත. වෙනත් පාර්ශ්වයන්ට දිනාගැනීමට හැකිවී ඇත්තේ සභික ධුර 04ක් පමණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලකොටුවක් ලෙස සැලකෙන කොලොන්න ආසනයේ සමූපකාර නිලවරණයකින් එම කඳවුරට බලය අහිමි වන්නේ වසර 35කට පසුව ය.

මෙතෙක් දිවයින පුරා විවිධ ප්‍රදේශවල පැවති සමූපකාර නිලවරණවලින් 98%ක් පමණම ජයග්‍රහණය කර ඇත්තේ සමගි ජන බලවේගය විසිනි. රට තුළ රැල්ල පවතින්නේ කවුරුන්ටද යන්න මෙයින් මනාව පෙන්නුම් කෙරේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...