කොළඹ LNW:මෙතෙක් රුපියල් ලක්ෂ 30ක උපරිම සීමාවකට යටත්ව පැවති නිවාස හා දේපළ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.
මෙම නව සංශෝධනය යටතේ ණය ලබාගන්නා පිරිස් වෙත විශේෂ පොලී සහන ද ලබා දීමට කටයුතු කර ඇත.
ඒ අනුව, ලබාගන්නා ණය මුදලේ මුල් රුපියල් ලක්ෂ 30 සඳහා 4%ක පොලී සහනයක් හිමිවන අතර, රුපියල් ලක්ෂ 30 සිට ලක්ෂ 50 දක්වා වන ඉතිරි මුදල සඳහා 2%ක පොලී සහනයක් ද ලබා දීමට තීරණය කර තිබේ.


