පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත අද (26) පෙරවරුවේ කැඳවා තිබුණු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.
FCID නිලධාරීන් ඔහුගෙන් පැය 04කට අධික කාලයක් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.
ඒ, ‘SupremeSAT’ චන්ද්‍රිකා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ය.


