කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 03 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (26) නියෝග කර තිබේ.
අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එම අවස්ථාවට විත්තිකාර යෝෂිත රාජපක්ෂ ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එහිදී මූලික සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 03 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කරන ලදී.
මේ අතර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත අද (26) උදෑසන පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.
‘SupremeSAT’ චන්ද්‍රිකා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු කැඳවා එලෙස කැඳවා තිබුණු අතර
පැය 4කට අධික කාලයක් ප්‍රකාශ ලබා දී තිබේ.


