අදත් (27) පළාත් පහකට තද වැසි

සටහන – රුවන් නෙළුගොල්ල

අද (නොවැම්බර් 27) දිනයේදී උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප.ව. 01.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමෙරිකාවට ප්‍රබල කුණාටුවක්; ගංවතුර හා ගුවන් ගමන් රැසකට බාධා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 27: අමෙරිකා එක්සත් ජනපදයට...

සද්දෙ කපපු වටගල ….

පාර්ලිමේන්තුවේ ෆෝන් බල බල හිටපු මාලිමාවේ මන්ත්‍රීවරියක්ට වටගල මහත්තය...

නෑ, නෑ, කිව්වාට ඇමතිවරු 10 දෙනෙක් නිල නිවාස අරන් – චමින්ද විජේසිරි හෙළිකරයි

වත්මන් රජයේ අමාත්‍යවරුන් නිල නිවාස ලබානොගන්නා බවක් එදා පැවසූ...

රාජ්‍ය සේවකයෝ අරගල කරන්න ඕනෙ නෑ, අපි සමස්ත ජනතාවම සුඛිත මුදිත කරන සිහිනයක ඉන්නේ – සුරවීර

රජය රැස්කරන සියලුම ආදායම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප්, දීමනා හෝ...