අමෙරිකාවට ප්‍රබල කුණාටුවක්; ගංවතුර හා ගුවන් ගමන් රැසකට බාධා

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 27:
අමෙරිකා එක්සත් ජනපදයට බලපෑ ප්‍රබල කුණාටු තත්ත්වයක් හේතුවෙන් ප්‍රාන්ත රැසක ගංවතුර, විදුලි බිඳවැටීම් සහ ගුවන් ගමන් අවලංගු කිරීම් වාර්තා වී තිබේ.

නිව් යෝර්ක් ඇතුළු නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් මාර්ග ජලයෙන් යටවී ඇති අතර, ජනතාවගේ ගමනාගමන කටයුතු ද දැඩි ලෙස අඩාල වී ඇත.

මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් 400කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර, තවත් ගුවන් ගමන් 2,200කට අධික සංඛ්‍යාවක් ප්‍රමාද වී තිබේ. එමෙන්ම නිවාස සහ ව්‍යාපාරික ස්ථාන විශාල සංඛ්‍යාවකට විදුලි සැපයුම ද ඇණහිට ඇත.

කුණාටුවේ බලපෑම හේතුවෙන් නිව් යෝර්ක්හි පැවැත්වීමට නියමිත සුප්‍රසිද්ධ මැසීස් ස්තුති දීමේ දින පෙළපාළියට ද බාධා එල්ල වී ඇති අතර, රටේ ප්‍රදේශ කිහිපයක හිමපතනය සහ වෙරළබඩ ගංවතුර තත්ත්වයන් ද වාර්තා වී තිබේ.

අයහපත් කාලගුණය තවදුරටත් පැවතිය හැකි බැවින්, අවදානම් ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිතව සිටින ලෙසත්, බලධාරීන් නිකුත් කරන කාලගුණ අනතුරු ඇඟවීම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් දැනුම් දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් (27) පළාත් පහකට තද වැසි

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 27) දිනයේදී උතුරු, උතුරු...

සද්දෙ කපපු වටගල ….

පාර්ලිමේන්තුවේ ෆෝන් බල බල හිටපු මාලිමාවේ මන්ත්‍රීවරියක්ට වටගල මහත්තය...

නෑ, නෑ, කිව්වාට ඇමතිවරු 10 දෙනෙක් නිල නිවාස අරන් – චමින්ද විජේසිරි හෙළිකරයි

වත්මන් රජයේ අමාත්‍යවරුන් නිල නිවාස ලබානොගන්නා බවක් එදා පැවසූ...

රාජ්‍ය සේවකයෝ අරගල කරන්න ඕනෙ නෑ, අපි සමස්ත ජනතාවම සුඛිත මුදිත කරන සිහිනයක ඉන්නේ – සුරවීර

රජය රැස්කරන සියලුම ආදායම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප්, දීමනා හෝ...