දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ යාත්‍රාවේ සිටි සැකකරුවන් ඉරාන ජාතිකයින් !

ශ්‍රී ලංකා නාවික හමුදාව දෙවුන්දරට දකුණු දෙසින් ජාත්‍යන්තර මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය බවට සැකරන මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවක් සමග සැකකරුවන් 07 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් පිරිස ඉරාන ජාතිකයින් බව අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම වැටලීම සිදුකෙරෙන අවස්ථාවේදී එම සැකකරුවන් විසින් යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මුහුදට විසිකර ඇති බවත් සඳහන්.

යාත්‍රාවේ ඉතිරි වී ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳව මෙතෙක් ගණනය කිරීමක් සිදුව නොමැති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය සුපිරි වෙළෙඳසැල්වලින් ඉවත දැමූ විදුලි උපකරණ ඝානාවේ දැවැන්ත කසළ කන්දක!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 27: එක්සත් රාජධානියේ සුපිරි...

අදත් (27) පළාත් පහකට තද වැසි

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 27) දිනයේදී උතුරු, උතුරු...

අමෙරිකාවට ප්‍රබල කුණාටුවක්; ගංවතුර හා ගුවන් ගමන් රැසකට බාධා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 27: අමෙරිකා එක්සත් ජනපදයට...

සද්දෙ කපපු වටගල ….

පාර්ලිමේන්තුවේ ෆෝන් බල බල හිටපු මාලිමාවේ මන්ත්‍රීවරියක්ට වටගල මහත්තය...