පුත්තලමේ මාලිමා නගරාධිපති රින්සාද් පළතුරු විකුණන තරුණයෙකුට මහමගදී පහරදී පැනගිහින් !

ජාතික ජන බලවේගයට බලය හිමි පුත්තලම නගරසභාවේ නගරාධිපති රින්සාද් අහමඩ් විසින් මහමගදී තරුණයෙකුට පහරදීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

පුත්තලම නගරයේ ඉල්ලඩිය පල්ලිය ආසන්නයේ මාර්ගය අයිනේ පළතුරු වෙළඳාමේ නිරතව සිටි තරුණයකුට නගරාධිපතිවරයා විසින් මෙසේ පහරදී ඇත.

පහරදීමෙන් අනතුරුව තත්වය උණුසුම් වෙද්දී නගරාධිපතිවරයා තමන් පැමිණි කැබ් රථයෙන් පළාගොස් ඇති අතර පහරකෑමට ලක්වූ තරුණයා එම කැබ් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් සඳහන්.

කෙසේවෙතත් මේ වනවිට පහරකෑමට ලක්වූ තරුණයා පොලිස් ආරක්ෂාව යටතේ පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම තරුණයා මෙසේ පැවසීය.

“කඩේ ගාව ඉද්දී එයා හවස ආවා. හවස ඇවිල්ලා ළඟට එන්න කියලා කිව්වා. මං ගියා වාහනේ ගාවට. කඩ දාන්න එපා කියලා කියලා තියෙනවා නේද, ඇයි කඩ දැම්මේ කියලා මගෙන් ඇහුවා. ඊටපස්සේ මම එයාට කිව්වා සර් ඇයි අපට එහෙම අසාධාරණයක් කරන්නෙ, අනිත් කට්ටියගෙ කඩ තියෙනවානෙ, මටත් කඩේ කරන් යන්න දෙන්න කියලා. එහෙම කියද්දී තමයි මට එයා ගැහුවෙ. මොකක්ද දන්නෑ අතේ එයාගෙ තිබ්බා, ඒකෙන් තමයි ගැහුවේ මට”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් ප්‍රදේශ රැසකට මි.මී. 100ට වැඩි තද වැසි

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 28) දිනයේදී උතුරු සහ...

සිංහබාහු නාඩගමෙන් පස්සෙ ….

සරච්චන්ද්‍රගෙ එළිමහන් රඟහලේ කළුවර පිරෙනවාඑදා ගල්ලෙන බින්ද සද්දේ තාම...

ඉතිහාසයේ පළමුවරට පඩි වැඩිකරලා බැනුම් අහන ආණ්ඩුව මේක. අපි ඇමතිලා පඩි නොගෙන වැඩ කරන්නේ – හඳුන් දුක කියයි

රාජ්‍ය සේවක වෘත්ති‍ය සමිති වැටුප් වැඩිවූ ආකාරය ප්‍රමාණවත් නොවන...

මාලිමාවට බලය හිමි පදියතලාවේ අයවැය දෙවැනි වරටත් වැඩි ඡන්ද 06කින් පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව...