රුසියානු සහයෝගය ඇතිව අපරාධකරුවන් දිවයිනට ගෙන්වා ගැනීමට පියවර!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW:

ශ්‍රී ලංකාවෙන් පලා ගොස් රුසියාවේ සැඟවී සිටින අපරාධකරුවන් යළි මෙරටට ගෙන්වා ගැනීමට රුසියානු රජය සිය පූර්ණ සහයෝගය ලබා දීමට එකඟ වී ඇත.

ඒ අනුව, සැකකරුවන් දස දෙනෙකු පමණ ශ්‍රී ලංකාවට භාර දීමේ ක්‍රියාවලිය සඳහා රුසියානු නීතිපතිවරයා එකඟතාව පළ කර තිබේ.

මෙම සාකච්ඡාව සිදුව ඇත්තේ, දිවයිනට පැමිණි රුසියානු නීතිපති අලෙක්සැන්ඩර් ගුට්සාන් සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අතර පැවති හමුවකදීය.

මෙහිදී දෙරට අතර අපරාධ මැඩපැවැත්වීමේ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා විශේෂ ද්විපාර්ශ්වික ගිවිසුමකට ද අත්සන් තබා ඇත.

විශේෂයෙන්ම සයිබර් අපරාධ, දූෂණ මෙන්ම සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා අන්‍යෝන්‍ය සහයෝගීතාව අත්‍යවශ්‍ය බව දෙපාර්ශ්වයම මෙහිදී අවධාරණය කළහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අ.පො.ස (සා.පෙළ) විභාගය සඳහා දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW: 2026 අ.පො.ස (සා.පෙළ) විභාගය...

Black Friday: කළු පැහැයෙන් ඇරඹී ලොව පුරා සාප්පු සවාරි උන්මාදයක් බවට පත් වූ දිනය!

සටහන – පුලීනොවැම්බර් 28, LNW (කොළඹ): වසරේ අවසානය ළඟා වන විට...

කොච්චර උද්ඝෝෂණ කළත් මේ බජට් එකේ දශමයක්වත් වෙනස් කරන්නෙ නෑ ! – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති කොතරම් උද්ඝෝෂණය...

කුවේටයේදී පුද්ගලයන් දෙදෙනකුට මරු කැඳවූ ඩ්‍රෝන යානය ඉරානයේ නිෂ්පාදිත එකක් බවට තොරතුරු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 28: ඉතාලි විදේශ අමාත්‍ය...