*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

මතු බලාපොරොත්තු වෙනුවෙන් පැතුම් අද හංගයිද ?

සුපිරි 12 වටයේ පළමු තරගයට අයර්ලන්තය සමඟ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු මුහුණ දුන් සුළු ආබාධය බරපතල තත්ත්වයේ නොවුණත්අද ඔහු ක්‍රීඩා කිරීමට යොදා නොගැනීමේ ඉඩක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.ඉදිරි තරගවලට වඩාත් ඔහුගේ සේවය අවශ්‍යය නිසා ඒ තීරණය ගැනීමේ සාකච්ඡාවක් පවතින මඟයි එම ආරංචි මාර්ත තව දුරටත් පැහැදිළි කරන්නේ.

කෙසේ වුවත් අයර්ලන්ත කණ්ඩායම පහසුවට ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් නැහැ.විශේෂයෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සහ ස්කොට්ලන්තයට එරෙහිව ඔවුන් ලබා ගත් ජයග්‍රහණවලදී පෙන් වූ පිතිකරණ හැකියාව මේ තරගයේදී ද ශ්‍රී ලංකාවට විශාල අභියෝගයක් බවට පත් විය හැකියි.එයට පන්දු යවන්නන් ශක්තිමත් කිරීම වගේම මේ මොහොතේ පිතිකරණයේ ලකුණු අතර සිටින පැතුම් වැනි පිතිකරුවෙක්ගේ දායකත්වය ද අතිශයින් වැදගත්.ඒ නිසා පැතුම්ගේ සහභාගීත්වය ඔහුගේ ආබාධ තත්ත්වය සමඟ තදින් සාකච්ඡා වෙමින් පවතිනවා.
පැතුම් සහභාගි නොවන්නේනම් ධනංජය සිල්වා හෝ චරිත් හසලංක කණ්ඩායමේ ආරම්භක පිතිකරුගේ බූමිකාව ඉටු කරන්නට ඉඩ තිබෙනවා.බොහෝ විට ඒ අවස්ථාව ධනංජය සිල්වාට හිමි වෙන්නට ඉඩ තිබෙන බවත් වාර්තා වෙනවා.එසේම විස්සයි විස්ස තරගවල ආරම්භක පිතිකරුවෙක් ලෙස දක්ෂතා පෙන්වා තිබෙන භානුක රාජපක්ෂ වමත් පිතිකරුවෙක් වීම කෙරෙහිද අවධානය යොමු වී තිබෙන බවත් වාර්තා වෙනවා.එවිට කුසල් සහ භානුක යොදවා දකුණත් සහ වමත් මුසුවක් යොදා ගැනීමේ අදහසක් ද සාකච්ඡාවට ගනිමින් තිබෙනවා.

ආරම්භක පිතිකරු ලෙස පැතුම් සහභාගි නොවන්නේනම් විකල්ප ගණනාවක් සාකච්ඡාවට ගනිමින් තිබීම වැදගත් වන අතර එහිදි පැතුම් සහභාගි නොවේනම් අනිවාර්යෙන් අද කණ්ඩායමේ ස්ථානයක් අශේන් බණ්ඩාරට හිමි වෙනවා.ශ්‍රී ලංකාව සතු අති විශිෂඨ පන්දු රකින්නෙක් වන අශේන් පිතිකරුවෙක් හැටියට ද මෑත කාලයේ සිටින දක්ෂතා සැළකිල්ලට ගැනීමේ දී ඔහුට එවැනි තත්ත්වයක් උදා වන්නේනම් ඔහු දක්වන දක්ෂතා අනුව ඉදිරි තරගවලදී පිතිකරුවෙක් ලෙස කණ්ඩායමට ඇතුළත් වීමට ඇති තරගකාරීබව තව තවත් පුළුල් වෙනු ඇත.
කෙසේ වුවත් ක්‍රීඩා විචාරකයින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය ගැටළු ගැන මතු කරමින් කන්ඩායමේ ශක්තිය දුර්වල වී තිබෙන බවට ඉඟි පළ කරන අතරේම වනිදු හසරංග සහ මහේෂ් තීක්ෂණගේ පන්දු යැවීම සිහිපත් කරමින් තරගය දිනීමට ඇති ඉඩ අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව පෙන්වා දෙයි.නමුත් අයර්ලන්තය දක්වන දක්ෂතා සම්බන්ධයෙන් ද ඉහළ අවධානයක් යොඳන ජගත් විචාරකයින් පළමු වටයේ තරග පැවත් වූ පිටිය තරමට හොබාර්ට් තණතීරුව ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යුගලයට වාසි අත් කර දෙයිද යන්න පිළිබඳව සැක මතු කරයි.නමුත් ශ්‍රී ලංකාව මෑථ කාලයේ පුද්ගලයන් මතම යැපෙන කණ්ඩායමක් නොවන බව ඔප්පු කර ඇත.ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම මේ මොහොත වන විට තරග දිනවිය හැකි දක්ෂයන් රැසකගේ කණ්ඩායමකි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan